පොහොර නැවට වන්දි ගෙව්වා, ගිනිගත්ත නැවෙන් වන්දි ගත්තෙ නැහැ – පුබුදු ජයගොඩ

පොහොර නැවට වන්දි ගෙවීමට සිදුවන්නේ කෘෂිකර්ම අමාත්‍යංශ යටතේම තිබෙන ආයතන දෙකක ඒකාබද්ධතාවය නොමැතිව යූරියා ගෙන්වන ආකාරයට කාබනික පොහොර ද ගෙන්වීමට කටයුතු කළ නිසා බව පුබුදු ජයගොඩ පවසයි. ඒ ප්‍රශ්නයට දේශපාලන අධිකාරිය ඍජුව වගකිව යුතු බවද ඔහු පවසයි.
පොහොර නව පොහොර ටික රැගෙන යන්නට ගිය බවත් අපට වන්දි ගෙවීමට සිදුවූ බව පුබුදු ජයගොඩ පවසයි. ඔහු පවසන්නේ එක්ප්‍රස් පර්ල් නැව ගිනි අරගෙන පරිසරයත් විනාශ කර ධීවරයන්ගේ ජෝවනෝපායත් විනාශ කළත් අපට වන්දි ගැනීමට නොහැකි වී ඇති බවයි.

මේ පොහොර තොගය මිලදී ගැනීමේදී දෙපැත්තෙන්ම අඩුපාඩු සිදුව ඇති බව ඔහු පවසයි.

අද (12)උදෑසන පැවති රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් ඔහු මේ බව පැවසීය.

“පොහොර මිලදී ගැනීමේදී සාම්පල් පරික්ෂා කරගතයුතුව තිබුණා. චීන ශාක නිරෝධායන සේවයේ නිලධාරීන් විවිධ බලපෑම් මැද තමන්ගේ පොහොර ගොඩබාන්න දෙන්න බැහැ කියන ස්ථාවරයේ සිටීම ජයග්‍රහණයක්. නමුත් අපිට විශාලවිදේශ විනිමය අර්බුදයක් ඇතිව තිබෙන අවස්ථාවක අපේ රටට ඩොලර් මිලියන 6.7ක දැවැන්ත වන්දියක් ගෙවන්න සිදු වෙන බවයි.

අවසන් වශයෙන් සල්ලි නෑ කියලා යුරියා නොගෙන ඉන්න හැදුවේ. රටේ ඩොලර් හිඟ වීම නිසා ඒ මුදල වියදම් නොකර සිටීමට තමයි කාබනික පොහොර ගෙන්වීමට තීරණය කරේ. කාබනික පොහොර තීරණය නිසා දැන් වන්දි ගෙවන්න වෙලා තියෙනවා. රසායනික භාවිතය අවම කරනවා කියලා ඉදලා කාබනික පොහොර කියලා රසායනික ද්‍රවය අවස්ථා කිහිපයකදී ගෙන්නුවා. මේ සියලු වියදම් ගත්තම යූරියා ගෙන්නන්න එච්චර මුදලක් යන්නෙ නැහැ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වසරේ මැයි මාසයේ ගිලුනට පස්සෙ රජය ඩොලර් මිලියන 40ක් ඉල්ලුවා. ඒකෙන් ලැබුනේ ඩොලර් මිලියන 3.6යි. මේ මුදල කියලා කියන්නෙ නවා ගිලෙන වේලාවේ වතුර ගහන්න ගිය වියදම වගේ මුදලක්. තාම සිද්ධ වෙච්ච පරිසර හානිය පිළිබඳ වන්දිය ඉල්ලලා නැහැ. ඒවගේම වන්දිය ඉල්ලීමට අදාළ පරිසර තක්සේරු වාර්තාව තාම හදලා ඉවර කර නැහැ. එහෙම තත්ත්වයක් ඇතුලේ පසුගියදා මේගොල්ලෝ තීරණය කරා නැවෙන් ගොඩගන්න සුන්බුන් අපේ රට තුළ වළදමන්න. මේ හරහා අපේ රටේ මුහුද විතරක් නෙමෙයි පසත් දුෂණයට ලක්වෙන්න නියමිතයි. ”

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...