ලාංකික ශ්‍රමිකයන්ව රටට ගෙන්වා ගැනීමට බල කෙරූ උද්ඝෝෂණයක් මිලානෝ

ඊයෙ ඉතාලියේ මිලානෝ කොන්සල් ජෙනරල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් විය. එම උද්ඝෝෂණය සංවිධානය කරලා තිබුණේ ඉතාලියෙ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා. පාට පක්ෂ ජාති භේදයකින් තොරව එකතු වෙච්ච ශ්‍රී ලාංකිකයෝ ලංකා රජයට බලපෑම් කළේ කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවට යන්නට නොහැකිව මැදපෙරදිග කලාපයේ සහ අනෙකුත් රටවල්වල සිට ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට අදාල ගුවන් පහසුකම් ලබා දෙන්නට කටයුතු කරන්න කියා රජයට බලපෑම් කිරීමටයි .

විරු නාමකරණ යටතේ රට විරුවා ලෙස හඳුන්වන මේ විදෙස්ගත ලාංකිකයින් ,විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයින් අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නවා . ඔවුන්ව මව් රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන වැඩපිලිවෙලක් නිර්මාණය කරන්නට මේ පාලකයන්ට නොහැකිවී තිබෙනවා .අප කල්පනා කරනවා ඒ සඳහා වූ බලපෑම විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලු දෙනා එකතුව කළයුතු වැඩක් කියලා .

 

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...