21වන සංශෝධනය නැවත බලය තහවුරු කරගන්න හදපු උගුලක් – පුබුදු ජයගොඩ

21වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නෙ පාලකයන්ගේ බලය නැවත තහවුරු කරගන්න හදාගත්ත උගුලක් පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. මේ උගුලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනතාවගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීම සඳහා ජන සහභාගී වැඩපිළිවෙලක් හැදීමට අවශ්‍ය මූලික යෝජනා තම පක්ෂය විසින් දැනටම ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු පැවසීය.

පුබුදු ජයගොඩ මෙහිදී පැවසුවේ,

“අපි යෝජනා කරන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන, තමන් පත්කර යවන නියෝජිතයන් නැවත කැඳවීමේ බලය ජනතාවට ලබාදෙන, නියෝජිත සභා විසින් සම්මත කරනු ලබන නීති යළි සමාලෝචනය කිරීමේ බලය ජනතාවට ලබාදෙන, ජනමත විචාරණ කැඳවීමේ බලය ජනතාවට ලබාදෙන, ජාතික ප්‍රශ්නයට තිරසාර විසඳුමක්, මූලික අයිතිවාසිකම් ක්ෂේත්‍රය පුළුල් කරන එකක් විය යුතුයි. නව ව්‍යවස්ථාවක් එන්නේ නැත්තම් අවම වශයෙන් 19 සංශෝධනයට එහා ගිය එකක් එකතු කරන්න තිබුණා.”

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...