21වන සංශෝධනය නැවත බලය තහවුරු කරගන්න හදපු උගුලක් – පුබුදු ජයගොඩ

Date:

21වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නෙ පාලකයන්ගේ බලය නැවත තහවුරු කරගන්න හදාගත්ත උගුලක් පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. මේ උගුලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනතාවගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීම සඳහා ජන සහභාගී වැඩපිළිවෙලක් හැදීමට අවශ්‍ය මූලික යෝජනා තම පක්ෂය විසින් දැනටම ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු පැවසීය.

පුබුදු ජයගොඩ මෙහිදී පැවසුවේ,

“අපි යෝජනා කරන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන, තමන් පත්කර යවන නියෝජිතයන් නැවත කැඳවීමේ බලය ජනතාවට ලබාදෙන, නියෝජිත සභා විසින් සම්මත කරනු ලබන නීති යළි සමාලෝචනය කිරීමේ බලය ජනතාවට ලබාදෙන, ජනමත විචාරණ කැඳවීමේ බලය ජනතාවට ලබාදෙන, ජාතික ප්‍රශ්නයට තිරසාර විසඳුමක්, මූලික අයිතිවාසිකම් ක්ෂේත්‍රය පුළුල් කරන එකක් විය යුතුයි. නව ව්‍යවස්ථාවක් එන්නේ නැත්තම් අවම වශයෙන් 19 සංශෝධනයට එහා ගිය එකක් එකතු කරන්න තිබුණා.”

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...