ඒ අය යාළුවෝ මල්ලි

ජනාධිපතිවරයාගේ ඥාති සහෝදරියක වන පැන්ඩෝරා පේපර්ස්වල නම් සඳහන් වූ නිරූපමා රාජපක්ෂ සහභාගී වූ කොක්ටේල් සාදයකට අදාළ ඡායාරූප කිහිපයක් මේවනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

මෙම සාදය සඳහා සජිත්ගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය දුලාංජලී ප්‍රේමදාස, කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක
වියත් මගේ ඉහළ පෙළේ සාමාජිකාවක් වූ චම්පා දිල්හාරා අමරසේකර වැනි අයද සහභාගී වී තිබූ බව දැක්වෙන ඡායාරූප දක්නට ලැබේ.

රාජපක්ෂ පවුලේ සහ නිරූපමා රාජපක්ෂලාගේ මහා ධනස්කන්ධය ගැන මෙන්ම පැන්ඩෝරා පේපර්ස් ගැන පරීක්ෂණ සිදුකර හොරුන්ට දුෂිතයින්ට දඩුවම් ලබාදීය යුතු අවස්ථාවක ඔවුන් කිසිදු බාධාවකින් තොරව තම කටයුතු කරගෙන යාම ගැන සංවාදයක් මතුව තිබේ.

පැන්ඩෝරා පත්‍රිකා මඟින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර මසක් ඇතුළත වාර්තාව ලබාදෙන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළබව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක පසුගිය වසරේ සඳහන් කළත් මේ වනතෙක් සිදුවූ දෙයක් නැත.

මීට සති කිහිපයකට පෙර මව්බිම පුවත්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විමසා තිබුණේ බදු හරිහැටි නොගෙවා මහා ධනස්කන්ධයක් පිටරට ඇදලා අතටම මාට්ටුවෙච්ච නිරූපමා රාජපක්ෂ ගැන විමර්ශනයක් සිදුකළාද යන්නයි. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බව හෙළිවිය.

රටක් ලෙස මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ මේවනවිට ජනතාව නොවිඳිනා දුක් විඳිමින් සිටියි. එවැනි මොහොතක බදු ගෙවීම් පැහැර හරිමින්, අයතා මුදල් ගණුදෙනු කරමින් ජනතා මුදල් ගසා කෑ වංචනිකයන් නිදහසේ ආතල් ගනිමින් සිටියි. එසේම එවැනි වංචාවලට කුමන ආණ්ඩුවක් බලයට පත්වුවත් දඬුවම් ලබා නොදෙන බව විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් මෙම හොරුන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් පැහැදිලි වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...