නව ඉඩම් පනත ගොවි ඉඩම් කොල්ලයට මග පාදනවා – වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන කියයි

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කරගත් ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පතක් බව වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන රැසක් විසින් පෙන්වා දී තිබේ.

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන 32 ක් රජයෙන් ඉල්ලා‌ සිටින්නේ නව ඉඩම් පනත නීතියක් ලෙස සම්මත වීමට පෙර ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ 4 සහ 9 වගන්ති ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (LDO) මාර්තු 11 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේදී දෙවැනිවර කියවීමෙන් සම්මත වී තිබුණි.

වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන චෝදනා කරන්නේ එහිදී ගොවීන්ගේ ණයගැතිභාවය පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රදර්ශනය කළ නොදැනුවත්කම සහ උදාසීනත්වය පිළිකුල් සහගත බවයි.

LDO සංශෝධන පනත් කෙටුම්පත බැටළු ඇඳුමින් සැරසුණු වෘකයෙක් ලෙසින් හදුන්වන වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ එය මිනිසුන්ට තමන්ගේ ඉඩම් පිළිබඳ තීරණ ගැනීමට වැඩිපුර නිදහස සහ පාලනයක් ලබා දෙන ‘ප්‍රගතිශීලී පියවරක්’ ලෙස වැරදි අයුරින් නිරූපණය කර ඇති බවයි.

මාර්තු 17 වැනිදා වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන 32 ක් ඒකාද්ධව නිකුත් කළ ලියවිල්ලක් මගින් පෙන්වා දී ඇත්තේ ගොවීන්ට ප්‍රදේශයේ දිසාපතිවරයාගේ අවසරයකින් තොරව ඔවුන්ගේ ඉඩම් බැංකුවලට උකස් කිරීමේ හැකියාව LDO සංශෝධන පනත් කෙටුම්පත මඟින් ලැබන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගොවීන්ට තම ඉඩම් උකස් කිරීමට ඇති අයිතිය සඳහා බලගැන්වීමක් ගැන ඉඟි කරමින් මෙම පනත් කෙටුම්පත ‘ප්‍රගතිශීලි’ පියවරක් ලෙස වැරදි ලෙස අර්ථකථනය වෙමින් ඇති බවයි.

මෙම සන්දර්භය තුළ, නව LDO කෙටුම්පත ක්‍රියාත්මක කිරීම නිසා ගොවි ඉඩම් මහාපරිමාණයෙන් බැංකු සහ මූල්‍ය සමාගම් වෙත පැවරීමකට තුඩු දී ඉඩම් නොමැති ගොවීන් සමූහයක් නිර්මාණය කරනු ඇති බවටත් වෘත්තිය සමිති අනතුරු අගවා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...