වඳ කොත්තු, වඳ බ්‍රාවලින් පසු කොන්ඩම් සහ ගැහැණු බඩ වීම

මේ වනවිට රාජපක්ෂවරුන්ගේ මඩ බලකාය වැඩ අරඹා තිබේ. facebook හරහා ප්‍රචාරය වෙමින් පවතින පොස්ටුවක් සම්බන්ධයෙන් මේ වනවිට කතා බහක් ආරම්භ වී තිබේ.

එහි කියවෙන ආකාරයට ජන අරගලය සිදුකෙරෙන ගෝල්ෆේස් ආශ්‍රිතව කොන්ඩම් සහ මත්පැන් බෝතල් විශාල වශයෙන් හමුවී තිබේ. ඊට අමතරව තවත් පොස්ට්වලින් කියවෙන්නේ අරගල සඳහා සහභාගී වෙන තරුණියන් තව මාස 9න් දරුවෝ වඩාගෙන තාත්තලා හොයමින් උද්ඝෝෂණය කරනු ඇති බවයි.

මෙය නිකම්ම නිකම් මඩක් ලෙස ගෙන බැහැර කළ හැකි වුවත් මේ පිටුපස තිබෙන කතාව ගැන නැවත නැවත සිතීම වැදගත් වේ.

මේ මොහොතේ අරගලයට පිවිස සිටින බහුතරය තරුණ කොල්ලන් සහ කෙල්ලන්ය. එහිදී මේ අරගල සඳහා තිබෙන ගැහැණුන්ගේ සහභාගීත්වය විශේෂ තැනක් ගනියි.

අප වැනි රටවල කාන්තාවන් සිටිය යුත්තේ නිවෙස්වල කුස්සියේ බව අප බොහෝ දෙනෙකුගේ ඉහමොළ තුළ තැන්පත් වී ඇති සිතුවිල්ලකි. අනිත් අතින් එය පාවිච්චි වෙමින් තිබෙන්නේ ඉතා පැහැදිලි ලෙස දේශපාලන ව්‍යාපෘති වෙනුවනි.

රාජපක්ෂලාගේ දේශපාලන මෙහෙයුමේ විශේෂ තැනක් දරුවන් හැදීම සහ කාන්තාවන් සම්බන්ධ කාරණාවලට හිමිවේ. හොඳින් විමසා බැලුවහොත් ජාතිය ගොඩ නැගීමට දරුවන් වැඩිපුර හැදීමේ කතා, වඳ කොත්තු, වඳ පෙති, වඳ බ්‍රා, වඳ ජංගි යනු මේ සඳහා උදාහරණයන්ය. ජනතාවගේ මොළ සෝදමින් තම සහෝදර ජනතාව භේද බින්න කිරීම සඳහා මෙම ව්‍යපෘති ඉතා සාර්ථක ලෙස පසුගිය කාලයේ යොදාගැනුනි. එහි අලුත්ම ව්‍යාපෘතිය කොන්ඩම් සහ බඩ වීමයි.

අපේ රටේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතය කාන්තාවන්ය. ඡන්ද දායකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ද කාන්තාවන්ය. එහිදී රාජපක්ෂ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වෙන්නේ දරුවන් බලාගනිමින් ගෙවල්තුළට වී සිටින කාන්තාවන්ය. තම අයිතිය ඉල්ලා සමාජය සමඟ එකට සිටගන්නා ගැහැණුන් යනු ඔවුන්ගේ සිහින බොඳ වීමකි.

වඳ කොත්තු, වඳ සාෆි, වඳ ජංගි මේවනවිට කිච වී හමාරයි. කොන්ඩම් සහ බඩ වීමේ කතා කිච කිරීමට තව තවත් ගැහැණුන් අරගල බිම් අත්පත් කරගතයුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...