Breaking News

ආණ්ඩුවේ කඩි කුලප්පු පොහොර ප්‍රතිපත්තිය අකුළ ගනියි – රසායනික පොහොර ගේන්න අවසර

2021 අගෝස්තු මස 1 දින සිට පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වේ.

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් සිය facebook ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ පොහොර ආනයනය සඳහා පනවා තිබූ තහනම රජය විසින් ඉවත් කර ඇති බවයි. එසේ නමුත්, පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දෙන්නේ කුමණ ව්‍යාපාරිකයින්ට ද, ගෙන්වනු ලබන්නේ කුමන පොහොර වර්ග ද යන්න පිළිබඳ නිශ්චිත නැති බවද ඔහු පවසා ඇත.

රසායනික පොහොර ආනයනය සඳහා අගෝස්තු පළමුවැනි දා සිට අවසර ලබා දී ඇති බව, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා ද අද පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.

කාබනික කෘෂිකර්මය ප්‍රචලිත කිරීමේ අරමුණින් රසායනික පොහොර තහනම් කරන බව පැවසුවත් එහි ඇත්ත හේතුව වූවේ පොහොර ගෙන්වීමට වැයවන මුදල් ඉතිරි කර ගැනීමයි. නමුත් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් ද නොවීය.

මෙම හදිසි කඩි කුලප්පු තීරණය හේතුවෙන් රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ අනතුරක්ද ඇතිවිය. ඒ අනුව මෙම තීරණයට එරෙහිව ප්‍රදේශ ගණනාවක ගොවීන් විරෝධතාවල නිරත විය.

පොහොර තහනම ඉවත් කිරීම පිළිබඳ ආයනයන අපනයන පාලකගේ නියෝගය පහත දැක්වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

leave a reply