ගුරු ඉල්ලීම් ගැන ආණ්ඩුවට විසඳුම් නෑ – වැටුප් ගැටලුව අයවැයෙන් ‘සලකා බලනවා’ලු!

ගුරු – විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධ වෘත්තිය අරගලයට ප්‍රතිචාර ලෙස ඇමති මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ මීළඟ අයවැයෙන් ඒ ගැන සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26)රාත්‍රියේ තාක්ෂණික ක්‍රමයට පැවැත්වූ කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. කෙසේවෙතත්, මේ ගැන දැනුම් දීමට අද (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඇමතිවරු න් සහ ගුරු සංගම් අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළුව වෛද්‍ය රමේෂ් පතිරණ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ යන ඇමතිවරු මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය.

මේ වනවිට පවතින විරෝධතාවල ඉල්ලීම් ගණනාවක් අතුරින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස වෘත්තිය සමිති කළ ඉල්ලීම පමණක් සළකා බලමින් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී එල් පීරිස් විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය. ගුරු ,ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංයුක්ත සේවා බවට පත් කිරීමටද එමඟින් යෝජනා කර තිබිණි. කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති මේ යෝජනාවලට ප්‍රතිපාදන වෙන් කිරීමේ ගැටලුව මත මේ මොහොතේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

කෙසේවෙතත්, ගුරු අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් ලෙසද පවතින, අධ්‍යාපන ප්‍රතිපාදන වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම වැනි ප්‍රමුඛ අවශ්‍යතා මේ වැටුප් ප්‍රශ්නය සමග බැඳී පවතින නමුත් ඇමති මණ්ඩලය ඒ සම්බන්ධ කිසිවක් යෝජනා කර නැත.

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...