මුතුරාජවෙල වගුරැ භූමියට තෙල් ගබඩාවක්…..පරිසර පද්ධතිය විනාශයි.

Date:

මුතුරාජවෙල වගුරු භූමිය තුල ඉන්ධන පිරවුම් හා ගබඩා ටැංකි සංකීරණයක් ඉදිකිරීමට රජය මේ වන විට කටයුතු කරමින් ඇත. නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු වාර්ථාව මගින් මේ සම්බන්ධව අවධානය යොමු කර ඇති අතර මුතුරාජවෙල හා කොලොන්නාවේ වැඩ ආරම්භ කිරීමට සැරසෙන තෙල් ටැංකි සංකීරණය සදහා පාරිසරික තක්සේරු වාර්ථාවක් ගෙන නොමැති බව එම වාර්ථාව මගින් පෙන්වා දී ඇත.

නමුත් මුතුරාජවෙල වගුරු භූමිය තුළ කිසිදු පාරිසරික අධ්‍යයනයක් නොමැතිව රොන්මඩ ඉවත් කිරීම සදහා කටයුතු කරන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ පළමු වාර්ථාවේ සදහන් කර ඇති අතර කසළ කළමණාකරණය සදහා ව්‍යාපෘතියට යොදාගන්නා මුතුරාජවෙල වගුරු භුමිය තුල කටයුතු කරන බව එම වාර්ථාව විසින් පෙවන්වා දී තිබෙනවා.

බලශක්ති අමත්‍යංශය හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මේ සම්බන්ධව මේ වන විට කටයුතු කරමින් යන අතර කොළඹ ප්‍රදේශයේ තිබෙන ඉතාමත් සංවේදී හා වටිනා පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල වගුරු පරිසර පද්ධතිය තුළ තෙල් ටැංකි සංකීරණයක් ඉදිකිරීම මගින් දැනටමත් සැලකිය යුතු විනාශයක් වී ඇති අතර එය එම පරිසර පද්ධතිය අනතුරකට හෙළා දැමීමකි .

වනසත්ව හා වෘක්ෂලතා ආඥාපත, පරිසර පනත වැනි පරිසර සංරක්ෂණය උදෙසා ඇති අණපනත්, නීති රීති ගණනාවක් මෙම අනවසර ක්‍රියා නිසා උල්ලංඝනය වී ඇත.

1996.10.31 වැනි දින අභය භූමියක් ලෙස නම් කරන ලද මුතුරාජවෙල අභය භූමිය හෙක්ටයාර් 2569ක් විශාල බව National Wethland Directory of Sri Lanka කෘතියේ සඳහන් කර ඇත. මෙම කෘතිය මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ප්‍රකාශයට පත්කොට ඇත. එසේ වූවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාවේ තෙත් බිම් නමැති
අත්පත්‍රිකාවට අනුව මුතුරාජවෙල අභය භූමියේ පළමුවැනි කොටස හෙක්ටයාර් 1028.6ක් ලෙසත්, දෙවන කොටස හෙක්ටයාර් 256.8ක් ලෙසත් නම්කර ඇත. මුතුරාජවෙල සංරක්‍ෂණය කෙසේ වෙතත් පරිසර අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන දෙක තුළ මුතුරාජවෙල සම්බන්ධයෙන් ඇති දත්තවල පවා වෙනස්කම් දැකිය හැකිය.

මෙලෙස ඇති දත්තවල වෙනස්කම් නිසාම මුතුරාජවෙල අභය භූමියේ සීමා මායිම් නිසි ලෙස සටහන් වී නොමැති වීමත්, නීතිය ක්‍රියාත්මක නොවීමත්, විදේශිකයන්ට මෙන්ම මෙරට දේශපාලකයන්ටත් අභය භූමිය විනාශ කිරීමට පහසු වී ඇත.

මෙය වන සතුන්ගේ වාසස්ථානයකි. වන සතුන් දඩයම් කිරීම, වෙඩි තැබීම, මාළු අල්ලා ගැනීම, ඒ සඳහා උගුල් අටවා තැබීම, පක්ෂීන්ගේ බිත්තර ගැනීම වැනි ක්‍රියා දඩුවම් ලැබිය හැකි වරදක්” යනුවෙන් වනජීවී අධ්‍යක්ෂකවරයාගේ අණ යටතේ පිහිට වූ පුවරු ප්‍රදේශය පුරාම දැකගැනීමට හැකිය.

අද වන විට සුළු වර්ෂාවකදී වූවද කොළඹ නගරය අඩි ගණනක් යටවන්නේ ප්‍රදේශයේ ජලය බැසගිය මුතුරාජවෙල වගුරු භූමිය තුළ පිහිටි කර්මාන්තශාලා,නිවාස, හෝටල් ආදිය නිසාය. කොළඹ ගංවතුර තත්ත්වය පාලනය කිරීමට තිබූ මහඟු සම්පතක් වූ මෙම වගුරු ප්‍රදේශය හරහා 2005 වන විට අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය සැලසුම් සකස් කිරීමෙන් පසුව වැලි ටොන් ලක්ෂ ගණනක් මුතුරාජවෙල අභය භූමිය තුළ ගොඩගසන ලදී. ජාතික ධනය මෙන්ම පරිසරයද අමු අමුවේ විනාශ කළ මෙම ව්‍යාපෘතිය නිසා මුතුරාජවෙල අභය භූමියෙන් කොටසක් විනාශ වූයේ විශාල වැලි කඳු පමණක් ඉතිරි කරමින්ය. එලෙස අතීතයේ ගන්නා ලද අන්තනෝමතික ක්‍රියා නිසා
වර්තමානයේ සිදුවන විනාශයන් නිසාත්, ප්‍රධාන වශයෙන් කොළඹ ගංවතුර පාලනයට තිබූ වගුරු බිම විනාශ මුඛයට පත්ව ඇත.

අනෙක් අතින් මුතුරාජවෙල වගුරැ භූමිය තුල ඉන්ධන ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම වගුරැ පරිසර පද්ධතිය මෙන්ම එහි ජෛවවිවිධත්වයට සිදුකරන විශාල හානියකි.

පසුගිය වසර දහය තුළ මුතුරාජවෙල වගුරැභුමිය මහාපරිමාණ ලෙස විනාශ වුයේ රාජ්‍ය විසින් සිදුකරන ලද ව්‍යාපෘති හේතුවෙන්ය.

රවින්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යයස්ථානය .

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...