Breaking News

යුරෝපය සීතල යුද්ධයෙන් පසුව අනතුරුදායකම මොහොතක

යුක්‍රේනය සම්බන්ධයෙන් වන රුසියා – ඇමරිකා උණුසුම හේතුවෙන් යුරෝපය සීතල යුද්ධයෙන් පසුව අනතුරුදායකම මොහොතට එළඹ සිටින බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

යුක්රේන දේශසීමාවේ රදවා සිටි හමුදා භට පිරිස් ඉවත්කරගත් බවට රුසියාව සිදු කළ ප‍්‍රකාශය පිළිගැනීම ඇමරිකා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කරමින් සිටියි.

ඊයේ දිනයේ දී ද රුසියාව විසින් දහස් ගණනින් හමුදා භට පිරිස් යුක්රේන දේශ සීමාවට එවා ඇතැයි ඇමරිකා එක්සත් ජනපද හමුදාව පවසා තිබේ.

රුසියාව පවසන්නේ ඔවුන්ගේ ඇතැම් ඒකකයන් යුද අභ්‍යාස අවසන්කර ඇති අතර බෙලරුස් සහ යුක්රේන දේශසීමාවෙන් ඔවුන් ඉවත්කර ගැනීමට නියමිත බව යි.

නමුත්, දශක කිහිපයක් තුළ සිදුවූ විශාලතම රුසියානු මිලිටරි එක්රැස්වීම මෙය බවත්, ජනාධිපති පුටින් ඉක්මනින් ආක්‍රමණයක් දියත් කිරීමට ඉඩ ඇති බවත් එක්සත් ජනපද සහ නේටෝ නායකයින් අනතුරු අඟවයි.

රුසියාව මෙය “රුසියානු-විරෝධී හිස්ටීරියාව” ලෙස හඳුන්වනු ලැබුණි.

කෙසේවෙතත් ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රන් හා රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව දැනුම් දෙන්නේ සිය හමුදා යුක්රේන දේශසීමාවේ කලබල ඇති නොකරනු ඇතැයි පුටින් සහතික වූ බවය. රුසියාව යුක්රේන දේශසීමාවට සිය භට පිරිස් යොමු කිරීමෙන් අනතුරුව මොස්කව් බලා පැමිණි පළමු බටහිර රාජ්‍ය නායකයා මැක්‍රන්ය.

ප්‍රංස ජනාධිපතිවරයා හමුවීම පිළිබඳ මුලදී පුටින් දැඩි පිළිවෙතක පිහිටා සිටි නමුත් පසුව එම ස්ථාවරය මුළුමනින්ම වෙනස් වූ බවක් පෙනෙන්නේ යැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.

නමුත් යුක්රේන ප්‍රශ්නය පිළිබඳ ජනාධිපති පුටින්ගේ ස්ථාවරය පැහැදිලි බව පෙනෙන්නට තිබේ. යුක්රේනය නේටෝව සමඟ එක්වුවහොත් හෝ අප්‍රිකාව යළි අත්කර ගැනීමට යුක්රේනය වෑයම් කළ හොත් යුද්ධයක් ඇතිවීම නොවැළැක්විය හැකි වනු ඇත.

නමුත් බටහිර නායකයන් බහුතරයක් පුටින්ගේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසමින් සිටින්නේ යුක්රේනයේ කටයුතු සම්බන්ධයෙන් රුසියාවට තීරණය කළ නොහැකි බවත් නේටෝ සංවිධානයේ පොදු ප්‍රතිපත්තිය වන ඕනෑම යුරෝපා ජාතියකට නේටෝව සම්බන්ධ වීම සඳහා ඉල්ලුම් කිරීමේ අයිතිය තමන් පිළිගන්නා බවයි.

මේ වන විට යුක්රේන දේශසීමාවට යවා ඇති රුසියාන භට සංඛ්‍යාව ලක්ෂයකට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේ වුව ද ඉන් යුක්රේන ආක්‍රමණයක් පිළිබඳ අදහස ගම්‍ය නොවන බව රුසියාව කියා සිටී. ඉකුත් සතියේදී අමෙරිකා භටයන් 3000ක් පෝලන්තයට සහ රුමේනියාවට යවන ලෙසට ජනාධිපති බයිඩන් නියෝග කර තිබුණි.

ජර්මනිය පසුගිය සඳුදා ප්‍රකාශ කළේ වැඩිපුර භටයන් 350ක් ලිතුවේනියාවට පිටත් කරන බවය. යුක්රේනයේ සටන් වැදී සිටින බෙදුම්වාදීහු තම ශක්තිය පෙන්වීම සඳහා 30,000ක අමතර භට පිරිසක් එවන ලෙසට මොස්කව්වලින් ඉල්ලීම් කර ඇතැයි ද වාර්තා විය. කිවි නුවරින් ලැබෙන වාර්තා දක්වන පරිදි 2014 සිට මේ දක්වා ඩොනෙමිස්ක් පළාතේ 15000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගැටුම්වලිනි.

යම් හෙයකින් රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ හොත් රුසියාවට එරෙහිව සම්බාධක පනවන බව අමෙරිකාව සහ මිතුරු රාජ්‍යයන් කියා තිබේ. රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ හොත් එම සටනේදී සිවිල් වැසියන් 50,000ක් වත් මරණයට පත් වීම හෝ තුවාල ලැබීම සිදු වනු ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්’ සහ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත් වාර්තා කර තිබිණි. මෙම සංඛ්‍යා AP පුවත් සේවයේ ගණනය කිරීම් බව එහි දැක්වුණද එවැනි ඇස්තමේන්තුවක් පිළියෙල කිරීම සිදු වූයේ කවර පදනමකින්දැයි ඉන් පැහැදිලි නොකෙරිණි.

වොෂින්ටනයෙන් ඉකුත් සතියේදී ලැබුණු වාර්තාවලින් කියවුණේ අමෙරිකාව 3000ක අමතර භට පිරිසක් නැඟෙනහිර යුරෝපයට යැවීමට කටයුතු කරන බවය. ඒ ආක්‍රමණයන් සිදු වුව හොත් ඊට මුහුණදීම සඳහා බව පවසමිනි. එසේම එමඟින් නේටෝවේ නැඟෙනහිර ජර්මනිය ශක්තිමත් වන බව ද පැවසිණි. දැනට පෙනෙන පරිදි අදාළ සෑම පාර්ශ්වයක්ම තම යුද පෙරමුණු ශක්තිමත් කිරීමට පියවර ගනිමින් ඇත. යුද්ධයක සේයාවක් හෝ නැතිනම් එලෙස සිදු වන්නේ නැත. කෙසේ වුවද යුද්ධයකට යාම හෝ නොයාම තීරණය රැඳී පවතින්නේ රුසියාව අතය. 1980 දශකය අගදී සහ 1990 මුලදී සෝවියට් දේශය කැඩී වෙන්වී යාමත් සමඟ එලෙස බැඳී සිටි රටවල් 14ක් නව නැඟෙනහිර යුරෝපා සාමාජිකයන් ලෙස නේටෝවට එක් විය. මේ සම්බන්ධයෙන් රුසියාව මිලිටරිමය මැදිහත්වීමක් නොකළද එය එරට ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදි කාරණයක් බවට පත් විය.

අමෙරිකා ජනාධිපති බයිඩ්න් සහ ජර්මන් චාන්සලර් ෂුලිස් අතර ද ඉකුත් සඳුදා හමුවක් සිදු විය. ජර්මනිය තෙක් වැටී ඇති රුසියානු ගෑස් නළ මාර්ගය වසා දැමීමට මෙහිදී ජනාධිපති බයිඩ්න්, ජර්මන් චාන්සලර්වරයාට බල කළ බව වාර්තා විය. ඒ රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ හොත් ගත යුතු පියවරක් වශයෙනි. මෙය ජර්මානු චාන්සලර්වරයාගේ පළමු වොෂින්ටන් සංචාරයයි. ගෑස් නළ මාර්ගය පිළිබඳ ඔහුගේ ස්ථාවරය අමෙරිකා ජනාධිපතිවරයාගේ එම ස්ථාවරයට වඩා වෙනස් බව පෙනෙන්නට තිබේ.

රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ 2014 වින්ස්ක් සම්මුතිය සක්‍රිය කිරීමට කටයුතු කළ යුතු බවයි. කෙසේ වුව ද එය යුක්රේන ජනාධිපතිවරයාට අභියෝගයක් වන ඉල්ලීමකි. මෙම සම්මුතියට අත්සන් තැබීම සිදු වූයේ යුද්ධය අතරතුරදී වන අතර, ඊට අත්සන් තබන ලද්දේ සෙලෙන්ෂ්කිට පෙර බලයේ සිටි ජනාධිපතිවරයාය. යම් හෙයකින් මෙම සම්මුතිය ක්‍රියාත්මක වන්නේ නම් ඩොන්බාස් ප්‍ර‍ෙද්ශයේ දැනටමත් යම් පාලනයක් ගෙන යන රුසියා හිතවාදී බෙදුම්වාදී පාර්ශ්වවලට එය රුකුලක් වනු ඇති ද යන්න අවධානයට ලක්වේ.

කෙසේ වුවද රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුමක් ඇවිළ ගියහොත් එය හුදෙක් එම රටවල් දෙක අතර යුද ගැටුමක් පමණක්ම නොවන බව පැහැදිලිය.

leave a reply