ලංකාවට ආවේණික Crudia zeylanica  ශාක පිළිබඳව නැවත සාවද්‍ය ප්‍රකාශයක්

ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ ශ්‍රී ලංකාවට ආවේණික Crudia zeylanica ශාකයක්  මධ්‍යම අධිවේගී මාර්ගයට  ඉදිවෙන භූමියේ තිබී හමුවී  අධිවේගී මාර්ගයට බිලි වීමට ආසන්නව තිබියදී දේවානි ඇතුළු පරිසරවේදීන්ගේ මැදිහත්වීම මත  එයා ආරක්ෂා කරගැනීමට හැකි විය .  මෙම ශාකය සොයා ගනු ලැබුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස අතර තිබිය. මෙය පිහිටා ඇත්තේ ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ යි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගියදා නැවතත් කතාබහ ඇති විය.  මේ පඬු කරද ශාකය පිළිබඳව කතාබහ මතුවන්නේ පසුගියදා එළි දක්වන ලද 2020 රතු දත්ත ලේඛනය එළිදක්වන අවස්ථාවේ දී  තවදුරටත් මෙම ශාකය වඳ වීමේ තර්ජනයකට ලක් වී ඇති ශාකයක්   නොවන බව සඳහන්වී තිබෙන බව ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

විශේෂයෙන්ම මේ සඳහා මාධ්‍ය විසින් ප්‍රචාරයක් ලබාදීම හරහා ජනතාව නොමඟ යැවීම සිදු වෙන බව පරිසරවේදී සජීව චාමිකර  අන්තර්ජාලයට විඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තියෙනවා. මෙම වැරදි තොරතුරු  සමාජගත කිරීම තුළින් පසුගිය කාලය පුරාවට මෙම ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ගිය අරගලය  දියාරු වී යන බවත් මෙය  වැරදි තොරතුරු සමාජගත කිරීමට දරන උත්සාහයක් බවත් ඔහු ප්‍රකාශ කරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...