රුසියාවේ යුද්ධයට යන ලාංකික සෙබලුන් ලංකාවේ කීර්තිනාමයට හානියක්ලු

නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යංශය තවදුරටත් පෙන්වා දෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ රුසියානු හමුදාවට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බවයි.

රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය දා මියගොස් ඇති බවට අල්ජසීරා පුවත් සේවය සිදුකළ අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා.

කෙසේවෙතත්, මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කළේ මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු හමුදාව සමග එක්නොවන ලෙස දැනුම් දී ඇති බවයි.

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

මෙවැනි දරුණු තත්වයක වුවද ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ රුසියානු යුක්රේන යුද්ධය සඳහා එක් වීමට බොහෝ පිරිස් අපේක්ෂාවෙන් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණි.

රුසියානු – යුක්රේන යුද්ධය සඳහා එක්ව සිටින අතරතුර ජීවිතක්ෂයට පත් වුණු ශ්‍රී ලාංකික හමුදා සෙබළකු සම්බන්ධ පුවතක් අල්ජසීරා වාර්තා කර තිබුණා.

කෙසේවෙතත් එම සෙබළා ලංකා හමුදාවෙන් ඉවත්ව රුසියාවේ සේවය සඳහා ගිය කෙනෙකුන් බව පැවසුණි.

මේ ආකාරයට තම ජීවිතය ගැන හෝ නොතකා රුසියානු හෝ යුක්‍රේන හමුදාව සමඟ එක්වන්නේ ලංකාවේ හමුදා සාමාජිකයෙකු සඳහා හිමිවන වැටුප ප්‍රමාණවත් නොවන නිසා පැහැදිලිය. නමුත් මේ වසරේ අයවැය දක්වා වැඩිම මුදලක් ආරක්ෂක අමාත්‍යංශය සඳහා වෙන් කෙරේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...