ලාල් හෑගොඩගේ කෝමළිනී ගැන සටහනක් – ලාල් හෑගොඩගේ කවිය උපදින්නේ සොබාදහම කෙරෙහි වන අපරිමිත බැඳීමෙනි .ඔහු ලියූ
”මා මිනිසෙක් ඔබ ගඟක් නිසා ” නම් කවියේ මාතෘකාව පම්ණක් වුව ද එය පසක් කිරීමට සමත් ය .හෑගොඩගේ කවියේ අධ්‍යාත්මය විනිවිද දැකීම පිණිස ඉතා වැදගත් උද්ධෘතයක් මෙහි සටහන් කරනු කැමැත්තෙමි .ඒ රවීන්ද්‍රනාත් තාගෝර් නොබෙල් ත්‍යාගය පිළිගනිමින් කළ කතාවේ කොටසකි .
” බටහිර ජීවිතයෙන් හා අධ්‍යාත්මයෙන් ද වෙන්ව මා ගත කළ හුදෙකලා ජීවිතය මා තුළ විවේකය ,ශාන්තිය හා සදාතනිකත්වය පිළිබඳ හැඟීම් ජනිත කරවීමෙහි ලා සමත් වී ඇති බව මට වැටහිණ .අති ධාවන ශීලී ජීවිත රටාවකින් යුතු වුව ද බටහිර ජනතාව අභ්‍යන්තර වශයෙන් පතන්නේ ඒ සාමය බව ,ඒ අපරිමිත සාමය ම බව මට පෙනිණ .ඒ සඳහා මගේ සුදුසුකම වූයේ ගංගා නදියේ වැලිතල අතරේ අත්‍යන්ත හුදකලාවේ දී මා ලැබූ ආභාසයයි .ඒ සමයේ මා හද අරා ගත් සාමය මා තුළ තැන්පත්ව තිබුණු අතර බටහිර ජනතාවට එය මතු කර පෙන්වා දීමට මට හැකි විය .මා ඔවුනට ප්‍රදානය කළ දේ ඔවුහු කෘතඤතාවයෙන් යුතුව භාර ගත්හ ගීතාංජලි -එඩමන් ජයසූරිය පරිවර්තනයෙන් .’
හෑගොඩගේ කවිය සොබාදහමේ සුන්දරත්වය දකිනු පමණක් නොවේ .සොබාදහම ඇසුරින් ලෝක ස්වභාවය විනිවිද දකින මොහොතවල් ද වෙයි .මේ කෝමළනී තුළ හමුවන එබඳු කවියකි .
දිය සිත්තම්
පිපුණු ඒ දිය කුසුම
සිනාවක් විය හඬින්
රැළි නඟ නඟා
සිනාසෙයි තවමත්
පළමුවෙන් වියැකුණේ හඬයි
රැල්ල තවමත් නැඟෙයි
රැළි නැඟේ ද සිප ගනී ද
නො දැනෙන තරමට
අවසාන රැල්ල්ද වැව් ඉවුර සිපගනී
එවන් මොහොතක ලොබින්
සිටිමින් ම ඉවුරේ
තව ගලක් හෙළන්නෙමි
වැව් දිය මත හෙළන ගල් කැටයකින් නැඟෙන සියුම් තරංග සිනාවක් සේ දැකීම කවර නම් සියුම් නිරීක්ෂණයක් ද ?මතු නොව හඬ වියැකීමෙන් පසු ද රැළි නැඟේ යැයි කීම නංවන ගැඹුරු ධ්වනිය කෙබඳු ද ?අවසන් රැල්ල ඉවුර සිප ගත් පසු තව ගලක් හෙළා රැළි මතු කර ගැනීම නඟන සියුම් අරුත් කෙබඳු ද ?මේ ජීවිතාශාව පිළිබිඹු කරන මොහොතක් නොවේ ද ?’දිය ‘ නම් වචනය තුළ එක්වර ජලයත් ලෝකයත් දකින කවියාගේ පරිකල්පනය කෙතරම් සියුම් ද ?
හෑගොඩගේ තවත් කවියක් විනිවිද යෑමට ගීතාංජලී ප්‍රංශ බසට පරිවර්තනය කළ ආන්ද්‍රේ ජිද්ගේ අදහසක් වැදගත් වේ .
” තමන් දෙවියන්ට අවශ්‍ය බව ඨාකූරයෝ දනිත් .ඔහු දෙවියන්ට මගේ කවියා හා විශාරද කවියා යනුවෙන් ආමන්ත්‍රණය කරයි .ඒ විශාරද කවියාගේ කාව්‍ය තමා තුළ මූර්තිමත් වන බව ඔහු සිතයි .”ඔබේ සංගීතයෙන් පිරවිය හැකි බට නළාවක් මෙන් මගේ ජීවිතය සරලව හා රිජුව පවත්වාගෙන යෑමට ඉඩ හළ මැනව .”
හෑගොඩගේ කවියාගෙ කෝමළිනී නම් නිමැවුම මඳක් කියවා බලන්න .
කෝමළ නි
නි ස්වරයේ කෝමළ
මිනිස් වෙස ඇයයි මනු ලොව
මා සිත අසල් වැසි කෞෂිකී
මැව්වා නම් කවුරුන් හෝ ඇය
දෙවිඳුන් යැයි අමතමි
මහා මැවුම් කරු යැයි
” දෙවිඳුනි කිම ඉවත බලා
බලන්න පිළිගන්න
හද බැතිය මේ උතුරා යන ”
” රසිකයානනි
මට දැන් හිතුණත් තව ළා පැහැ කළා නම්
එදා රත දුන්නේ මමයි දෙතොලට
නමුදු සිනහව නම් ඇගේ ය
හඬ දුන්නේ මමයි නො මඳ ව
ගායනා නම් ඇගේ ය
හඬ සුසර කර
ඔබයි තැවරුවේ මල් මී
මා එහි නො තැවරූ
ඔබ ද උමතු කර මා ද උමතු කර
ගායනා’තර මඳහස පාන්නී ද ඇයයි
පුද දෙන්න ඇවැසි නම් හද බැතිය
දෙන්න එය කෞෂිකියට ම ”
මේ කවියේ කෞෂිකී නම් විශිෂ්ට ගායිකාව ගැන රසිකයා සහ මැවුම්කරු අතර සිදුවන සංවාදය තුළින් මැවුම්කරු ,තමා සහ අනෙකා වැනි බොහෝ සබඳතා සියුම් ලෙස ඇසෙයි . .දෛවය මෙන් ම ස්වච්ඡන්දතාවය ද මේ කවියට හසුවෙයි .
කවියක් යනු හුදු අර්ථ හෝ භාව සන්නිවේදනයක් පමණක් නො වේ .එය අප හමුවට කැඳවන දෙය සරල සූත්‍රයකට ලඝු කළ නො හැක .සිරස් සහ තිරස් සංරචක ලෙස බලයේ නිව්ටන් අගය විභේදනය කර දක්වන්නා සේ මේ කවි නිශ්චිත අදහස් බවට පත් කළ නො හැකි ය .ඔක්ටාවියෝ පාස් ලියූ දෙයක් සිහියට එයි .
”
between what I see and what I say
between whath I say and what I keep silent
between what I keep silent and what dream
between what I dream and what I forget
poetry ‘