හිට්ලර්ගේ දිනපොත්

මෙම කවිය 1983 කළු ජූලි සංහාරයෙන් පසුව එස්. සිවසේකරම් කවියා විසින් රචනා කරන ලද්දකි.

හිට්ලර්ගේ දිනපොත්
(ශ්‍රී ලංකාව, 1983 අගෝස්තු)

හිට්ලර්ගේ දිනපොත්
බොරු බව ඇත්ත
හිට්ලර් මළ බවත් ඇත්ත
නමුත්,
හිට්ලර්ගේ දිනපොත්
ලියවෙනවා තවම
මේ ලංකා පොළොව මත
අද
හිට්ලර්ගේ වචන
නැවත ඉපදී
හැබෑවක් වී ඇත
උන්ගේ වෙස්මූණු ගැලවී
සැබෑ වේශය පෙනේ දැන්
ගින්නෙන් ලියන වදනින්
සාප්පු, ගෙවල්, මිනිස්සු දැවෙයි
කඩු-කිනිසි, තුවක්කු
හැම වැකියකටම යටින්
රතින් ඉරි ගහයි
හැම පාරක, ගෙයක, වත්තක
හැම පාසලක, සරසවියක, වැඩපොලක
කෝවිලක, සිරගෙයක
දෙමළෙක් ඉන්න ඕනම තැනක
විසිරුණු
ඇස් – ඉස් – මස් – ලේ
සදාතන කැළලක් කොටන්නට
ජාතිවාදයෙන් උසි ගැන් වූ
දහසක් දෙනා අත
කඩු, තුවක්කු, පන්දම් එළි
තිර පිටුපස
ඇවිලෙන ගින්නට පිදුරු ලන
අවස්ථාවාදී ජනරජය
එක්කෝ කිඹුල් කඳුළු හෙලයි
නැත්නම්
කටුවෙන් හාර හාරා
තුවාලය පාරයි

  • S. සිවසේකරම් –
    සිංහල පරිවර්තනය – සංජුලා පීටර්ස්

පරිවර්තක සටහන :
*හිට්ලර්ගේ දිනපොත් යනු, අඩොල්ෆ් හිට්ලර් ජීවත්ව සිටියදී ලියන ලදැයි එක්තරා පුද්ගලයෙක් විසින් 1981 – 1983 අතර කාලයේ ඉදිරිපත් කළ ලේඛන සමූහයකි. පසුව කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ එම ලේඛන හිට්ලර්ගේ මරණයෙන් පසුව ව්‍යාජව සකස් කළ ඒවා බව යි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...