හිට්ලර්ගේ දිනපොත්

මෙම කවිය 1983 කළු ජූලි සංහාරයෙන් පසුව එස්. සිවසේකරම් කවියා විසින් රචනා කරන ලද්දකි.

හිට්ලර්ගේ දිනපොත්
(ශ්‍රී ලංකාව, 1983 අගෝස්තු)

හිට්ලර්ගේ දිනපොත්
බොරු බව ඇත්ත
හිට්ලර් මළ බවත් ඇත්ත
නමුත්,
හිට්ලර්ගේ දිනපොත්
ලියවෙනවා තවම
මේ ලංකා පොළොව මත
අද
හිට්ලර්ගේ වචන
නැවත ඉපදී
හැබෑවක් වී ඇත
උන්ගේ වෙස්මූණු ගැලවී
සැබෑ වේශය පෙනේ දැන්
ගින්නෙන් ලියන වදනින්
සාප්පු, ගෙවල්, මිනිස්සු දැවෙයි
කඩු-කිනිසි, තුවක්කු
හැම වැකියකටම යටින්
රතින් ඉරි ගහයි
හැම පාරක, ගෙයක, වත්තක
හැම පාසලක, සරසවියක, වැඩපොලක
කෝවිලක, සිරගෙයක
දෙමළෙක් ඉන්න ඕනම තැනක
විසිරුණු
ඇස් – ඉස් – මස් – ලේ
සදාතන කැළලක් කොටන්නට
ජාතිවාදයෙන් උසි ගැන් වූ
දහසක් දෙනා අත
කඩු, තුවක්කු, පන්දම් එළි
තිර පිටුපස
ඇවිලෙන ගින්නට පිදුරු ලන
අවස්ථාවාදී ජනරජය
එක්කෝ කිඹුල් කඳුළු හෙලයි
නැත්නම්
කටුවෙන් හාර හාරා
තුවාලය පාරයි

  • S. සිවසේකරම් –
    සිංහල පරිවර්තනය – සංජුලා පීටර්ස්

පරිවර්තක සටහන :
*හිට්ලර්ගේ දිනපොත් යනු, අඩොල්ෆ් හිට්ලර් ජීවත්ව සිටියදී ලියන ලදැයි එක්තරා පුද්ගලයෙක් විසින් 1981 – 1983 අතර කාලයේ ඉදිරිපත් කළ ලේඛන සමූහයකි. පසුව කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ එම ලේඛන හිට්ලර්ගේ මරණයෙන් පසුව ව්‍යාජව සකස් කළ ඒවා බව යි.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...