Breaking News

වසරක් තුල යුද්ධ තුනක මරණ ඉක්මවා ඇමරිකාව තුළ කොරෝනා මරණ ඉස්මතු වෙයි

අපි මේ ගෙවන මොහොත වන විට කොරෝනා වසංගතය ට වසරක් ඉක්ම ගොස් තිබේ. ආසාදිතයින් 28,078,813 ක් සිටින එක්සත් ජනපදය  කොරෝනා වසංගතය හමුවේ කණගාටුදායකම ඉරණමට මුහුණ දී සිටී.

ගෝලීය දත්තයන් වලට අනුව Covid -19  වෛරසය මේ දක්වා පුද්ගලයින් 112,100,066 කට ආසාදනය වී ඇති අතර  ඉන් 2,480,652 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.  ගෝලීය වශයෙන් එන්නත් කරන ක්‍රියාවලිය සිදු වුණත් Covid -19  වෛරසය   පැතිරයෑම සැලකිය යුතු මට්ටමකින් වලක්වා ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැහැ.  දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන විවිධ ත ප්‍රකාශ කර තිබුනත් Covid -19  වෛරසයෙන් ලෝකය නිදහස් කරගැනීමට තව සැලකිය යුතු කාලයක් වැය කරන්නට සිදු වේ යැයි  පුරෝකතනය වෙනවා. 1918  ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් පසු  ගෙවුණු වසර 102 තුළ ලෝකය මෙවන් දරුණුතම වසංගත තත්ත්වයකට මුහුණ දුන් පළමු අවස්ථාව මේ වෙනවා.

කොරෝනා වසංගතයේ දරුණු ප්‍රහාරයට ලක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකා එක්සත් ජනපදය පළමු ලෝක යුද්ධයටත්, දෙවන ලෝක යුද්ධයටත්, වියට්නාම් යුද්ධයටත් දායකත්වය සැපයු  අතර මෙම යුද්ධ තුනේදීම මියගිය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වසරක් තුළ කොරෝනා වසංගතයේ හේතුවෙන් ඇමෙරිකානුවන් මියගිහින්  ඇති බව වාර්තා වෙනවා.  පෙබරවාරි 22 වනදා වන විට  ඇමරිකානුවන් මිලියන භාගයක් Covid -19  වෛරසය  හේතුවෙන් මිය යන බවත්  මේ තත්ත්වය ඇමරිකාව මුහුණ දුන් දරුණුතම ඛේදවාචක තත්ත්වයක් බවත්, කොරෝනා වසංගතයට වසරක් ඉක්ම යෑම සහ  මරණයට පත් වන ඇමරිකානු ජනතාවට ගරු බුහුමන් දැක්වීම සඳහා  අද දිනය තුළ විනාඩියක නිශ්ශබ්දතාවයක් රකින්නට ඇමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් තීරණය කර තිබෙන බව විදෙස් පුවත් වාර්තා කර තිබෙනවා.

තනි රටවල් මට්ටමින් ගත් කල ඇමෙරිකා එක්සත් ජනපදය හැර  වසංගතයේ බලපෑමට ලක්ව ඇති ප්‍රමුක රටවල් වන්නේ  ඉන්දියාව මිලියන 11 ක ජනතාවක් , බ්‍රසීලයේ මිලියන 10 කට වඩා වැඩි ප්‍රමාණයක් , රුසියාවේ ආසාදන ඇති වී තිබේ මිලියන 4.16 ක් වන අතර මහා බ්‍රිතාන්‍යය මිලියන 4 කට වඩා වැඩිය. ඊට අමතරව  ප්‍රංශය  (3.59), ස්පාඤ්ඤය (3.13), ඉතාලිය (2.80 කින්), තුර්කිය (2.63), ජර්මනිය (2.39), කොලොම්බියාව (2.22), ආර්ජන්ටිනාව (2.06) සහ මෙක්සිකෝව (2.04).  ලෙස ආසාදිතයන් වාර්තා කරනවා .

leave a reply