හොර රහසේම ඇවිදින මංතීරු අනුමත කිරීමට සැරසුණු පොළොන්නරුව සම්බන්ධීකරණ කමිටුවට ගොවීන්ගේ විරෝධය

පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අනුමැතිය ලබා ගැනීමේ උත්සාහයක් සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට ගොවි නියෝජිතයන්, භික්ෂුන් හා ප්‍රදේශවාසින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වෙන ස්ථානයට ගොස් විරෝධය පළ කරන ලදී.

රහසිගතව පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස් කර ඇති බවට ලද තොරතුරක් මත ගොවි සංවිධාන සභාපතිවරුන් හා සංඝයා වහන්සේලා හා ගම්වාසීන්ද මෙම විරෝධය දැක්වීම පිණිස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල හමු විය.

අදාළ ඇවිදින මංතීරුව ඉදිකිරීමට විරෝධය පළ කරමින් පරාක්‍රම සමුද්‍රය ගොවි ව්‍යාපාරයේ රජයේ ගොවි සංවිධාන 38 ම ඒකාබද්ධව අත්සන් කළ විරෝධතා ලිපියත්, පොළොන්නරුව දිස්‍ත්‍රික් භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවයත් භාරදෙන ලදි.

සම්බන්ධීකරණ කමිටු සභාපති අමරකීර්ති අතුකෝරාල පැවසුවේ දිස්ත්‍රික්කයේ ජනතාවගේත්, ස්වාමින්වහන්සේලාගේත්, ගොවි සංවිධාන නියෝජිතයන්ගේත් විරෝධය සැලකිල්ලට ගෙන අදාළ ව්‍යාපෘතිය අත්හැර දමන බවට තමන් පොරොන්දුවක් ලබා දෙන බවය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...