සැබෑ කාන්තා ප්‍රශ්න ලිප්ටන් වටරවුමේ රාජපක්ෂ බණ්ඩාරනායක සෙවනේ

Date:

අද මාර්තු මාසේ 8 වැනිදා ලෝක කාන්තා දිනය. කාන්තා දිනය නිමිති කරගෙන ලෝකයේ හැම රටකම කාන්තා විමුක්තිය පිළිබඳ කතාබහ මෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් උත්සව පවත්වනු ලබනවා. ලංකාවේ ආණ්ඩුව ද මේ කාන්තා දිනය අද සැමරුවා. ආණ්ඩුව විසින් සංවිධානය කර තිබුණු කාන්තා දින සැමරුම හඳුන්වනු ලැබුවේ ජාතික උත්සවය ලෙසයි.කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි මේ ජාතික උත්සවය පවත්වන්නේ. එම උත්සවයේ ප්‍රධාන අමුත්තන් හැටියට සහභාගි වෙන්නේ අගමැති මහින්ද සහ මහින්ද ගේ බිරිඳ ශිරන්ති . උත්සවයේ තේමාව බවට පත් කරගෙන තිබුණේ රටකි ලොව දැයකි ඇය යන්නයි.

රටේ බහුතර කාන්තාව පීඩාවට පත්කරන්නට මංපෙත් නිර්මාණය කළ පුද්ගලයන් අතර මොවුන් ප්‍රමුඛයන් බවට පත්වෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයෙක් ලෙස අගමැතිවරයෙක් ලෙස මේ රටේ පාලනයට දායකත්වය සැපයූ පුද්ගලයෙක්, ඔහුගේ දේශපාලන ඉතිහාසය තුළ දිනෙන් දින කාන්තාව අගාධයට ඇද වැටුණා මිස කාන්තාවන්ට ඉදිරියට එන්නට හෝ පීඩාවෙන් මිදෙන්නට අවශ්‍ය කරන වටපිටාවක් නිර්මාණය කළේ නැහැ. එවන් තත්ත්වයක් තුළ අද කාන්තාව පත්ව ඇති තත්ත්වය ඉතාම භයානකයි. නිර්මාණය වී තිබෙන සියලු පෝලිං වල පීඩනය කාන්තාව මත ඇද වැටෙනවා. ඒවායේ වගඋත්තරකරුවන් වන්නේද මොවුන්මය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව මුදල් නාස්ති කරමින් කරන මෙවැනි සැමරුම් වල අර්ථය නම් කාලය කා දැමීමේ ක්‍රියාවලියක් ලෙස මිස සැබැවින්ම කාන්තාවගේ පීඩනය සහ කාන්තාවට එල්ල වී තිබෙන අනතුර පිළිබඳව නිවැරැදි දැක්මක් ඇතිව කතාබහ කිරීමට හෝ ඊට පිළියම් සොයා ගැනීමේ අරමුණෙන් කරන්නක් නොවෙයි. ඒ නිසාම ආණ්ඩුවේ කාන්තා දින ජාතික උත්සව සංදර්ශන ම පමණයි.

ලෝක කාන්තා දිනය දා අද “කාන්තා බලයක් – මහජන ව්‍යාපාරයක්” නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ උද්ඝෝෂණයක් කොළඹ ලිප්ටන් වට රවුම ඉදිරිපිට දී පවත්වනු ලැබුවා.කාන්තාවගේ සැබෑ ප්‍රශ්න ලිප්ටන් වටරවුම ඉදිරියට අරගෙන ඇවිදින් ඔවුන් සමාජයට පෙනෙන්න හිටගත්තා. ආණ්ඩුවට ජාතික කාන්තා දින සමරනවාට එහා ගිය වුවමනාවක් තිබුණා නම් මෙන්න මේ කාන්තාවන් ඉදිරිපත් කරන ප්‍රශ්න දෙස බලා රටේ කාන්තාවගේ ප්‍රශ්න මොනවද කියලා හඳුනා ගැනීමේ හැකියාව තිබුණි. නමුත් මේ ආණ්ඩුව ඒ දෙස නොබලා සංදර්ශන වේදිකා දෙස බලාගෙන සැබෑ ප්‍රශ්නය මගහැර යමින් ඉන්නවා,

ඉතින් අපේ යෝජනාව වෙන්නේ දිනකට කාන්තාව පිළිබඳව කතා කරනවට එහා ගිය දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් යටතේ කාන්තා නිදහසමෙන්ම සමස්ත රට වැසියාගේ පුරවැසියාගේ නිදහස උදෙසා සටන් කිරීමේ අවශ්‍යතාවය මේ මොහොතේ දී වෙනදාටත් වඩා තීව්‍ර ලෙස ඉස්මතු වී ඇති බව වටහා ගතයුතු ය යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...