වසන්තගේ පෙත්සම විභාගයට අවසර – මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කිරීමටත් නියෝග

මර්දන නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනීතික ව ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. වසන්ත මුදලිගේ විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ දැක්වුණේ ඒ අනුව ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ද ඉදිරිපත් කරන ලෙසයි.

මේ අනුව පෙත්සම ලබන ජනවාරි 31දා විභාගයට ගැනීමට නියමිත ය.

පෙත්සම අද (10) කැඳවූයේ විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ ය.

මෙහිදී වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනීසිටියේ ජනාධිපති නීතිඥ සාලිය පිරීස් ය.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...