වසන්තගේ පෙත්සම විභාගයට අවසර – මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කිරීමටත් නියෝග

මර්දන නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනීතික ව ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. වසන්ත මුදලිගේ විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ දැක්වුණේ ඒ අනුව ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ද ඉදිරිපත් කරන ලෙසයි.

මේ අනුව පෙත්සම ලබන ජනවාරි 31දා විභාගයට ගැනීමට නියමිත ය.

පෙත්සම අද (10) කැඳවූයේ විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ ය.

මෙහිදී වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනීසිටියේ ජනාධිපති නීතිඥ සාලිය පිරීස් ය.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...