Breaking News

කැනඩාවෙි මුල් පදිංචිකරුවන් එළිසබෙත් රැජිනව බිම දමා පාගයි

උපාලි ජයසිංහ

බොහෝ විට ස්මාරක ඉදිවන්නේ ඒ මිනිසා මියගිය විටය. ඡිවත්ව සිටියදීත් යමි තැනෙක මිනිසෙක්ගේ ස්මාරක ඉදිවෙි නමි ඔහු හෝ ඇය සුවිශේෂි චරිතයක් බවට කිසිදු සැකයක් නැත. එහෙත් ඔහු හෝ ඇය ඡිවත්ව සිටියදීම එකී ස්මාරක බිමට හෙලා ඊට කෙල ගසා පරි‍භව කරන්නේනමි එය දෛවයේ සරදමකි. කොහේ හෝ ඡනතාවකට ස්මාරකගත ඇය හෝ ඔහු රිදවා ඇත.

කැනඩාවෙි ආදී වාසි ඡනතාව, ඡිවත්ව සිටින බ්‍රිතාන්‍ය රැඡිණගේ පමණක් නොව මිය ගිය බ්‍රිතාන්‍ය වික්ටෝරියා රැඡිණගේද ස්මාරක බිම හෙලුහ. ඊට කෙල ගැසුහ. පරිභව කළහ. එයත් කැනේඩියානු ඡාතික දිනයේ වීම ඔවුන් තුල ඇයට තිබූ වෛරයේ තරම ලෝකයට කියාපායි.
කැනඩාවේ ජාතික දිනය අවලංගු කරන ලෙස වාමාංශික යටත් විජිත විරෝධී ‘අයිඩ්ල් මෝර්’ කණ්ඩායම මෙි මෑතකදී කැනේඩියානු අග්‍රමාත්‍ය ජස්ටින් ටෘෘඩෝගෙන් ඉල්ලා තිබිනි. අයිඩිල් මෝර් කැනේඩියානු ආදිවාසීන්ගේ සංවිධානයකි. ඔවුන් එසේ ඉල්ලා සිටියේ කැනඩාව තවමත් සිය රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නේ බ්‍රිතාන්‍ය කිරුල දරන තැනත්තා හෝ තැනත්තියයි. එකී කිරුළට හිමිකමි කිවිවෙි සියවසක් තිස්සේ රැඡණියන්ය. බ්‍රිතාන්‍ය යේ වික්ටෝරියාය.දෙවන එළිසබෙත්ය.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබු කැනඩාව වික්ටෝරියා සහ දෙවැනි එළිසබෙත් රැඡිණිය පාලනය කල වකවානුවෙි කැනේඩියානු මුල් පදංචි කරුවන් ඝාකනය කලහ .සිය නිජබිමිවලින් ඔවුන් පන්නා දැමුහ. එක්කෝ තම ජාතියේ වහලුන්සේ ගත්හ . එහි ප්‍රතිපලයක් ලෙස ආදි වාසි දරුවන් පමණක් 18 වන ශතවර්ෂයේ සිට 1970 දශකය දක්වා කාලය තුල 150,000 ක් ක්‍රිස්තියානි ආගමට හැරවීමට බල කෙරුණු අතර කතෝලික පාසල්වලට යැවීමෙන් පසු ඔවුන්ගේ මව් භාෂා කථා කිරීමට ඉඩ නොදුනි. 1800- 1900 කාලය තුල 15,000 කට වඩා දරුවන් අතුරැදන් වී තිබිනි. මෙි 2021 වර්ෂයේ එසේ අතුරුදහන් කල කුඩා දරුවන්ගේ සමුහ මිණීවලවල් කැනඩාවෙි විවිධ ප්‍රදේශ වලින් හමුවිය.

මේ මස මුලදී කැනඩාවේ සස්කැච්වන් පළාතේ ආදිවාසී කණ්ඩායම විසින් අක්‍රීයව පවතින කතෝලික නේවාසික පාසලක 751 දෙනෙකුගේ සලකුණු නොකළ සොහොන් කොත් සොයාගෙන ඇති අතර බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ කම්ලූප්ස් අසල පිහිටි තවත් නේවාසික පාසලක ළමුන් 215 දෙනෙකු සොයාගෙන මාසයක් ගතවී ඇත.

සමූහ මිනීවලවල් තුල සිටි මෙි කුඩා ලපටියන්ගේ එකතුව දහස ඉක්මවයි. ඓතිහාසික මිනිස් සංහාරයේ ජානමය කෝපය කැනේඩියානු මුල් පදිංචිකරුවන් කැනේඩියානු නව නායකයාට දැන් පෙන්වමින් සිටී.

කැනඩාවේ ‘ඒකපාර්ශ්වික හා යටත් විජිත නීතිවලට විරුද්ධ’ බිම් මට්ටමේ උපදේශක කණ්ඩායමක් ලෙස විස්තර කරන වාමාංශික සංවිධානයක් වන අයිඩ්ල් නෝ මෝර් විසින් මෙම ප්‍රහාරයන්ට මූලිකත්වය ගෙන තිබුනි.

කැනඩාවේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ (TRC) 2015 වාර්තාවේ මෙසේ සඳහන් වෙි : ‘‘නේවාසික පාසලකට ගිය බොහෝ සිසුන් නැවත පැමිණියේ නැත. ඒ සියලු දරුවන් ඔවුන්ගේ පවුල්වලට අහිමි විය. ඔවුන්ගේ දෙමාපියන් බොහෝ විට සිය දු පුතුන්ගේ අසනීප වෙිදනා හා මරණය ගැන නොදැන සිටියහ. දිගු කලක් නොසලකා හරින ලද සොහොන් ගෙවල්වල ඔවුහු ඝාතනය කර වළලනු ලැබීය. ‘‘

කැනඩාවෙි ජාතිකl දිනයදා මෙි දරුවන්ට උපහාර හා ගෞරවය පිනිස ක්විබෙක් ජාතික සභාවේ මධ්‍යම කුලුනේ ධජය මෙන් ඔටාවාහි සාම කුළුණේ කැනේඩියානු ධජයද අඩකුඹු කර තිබිනි. එසේ සිය කැනේඩියානු ධජය අඩකුඹු කල ක්විබෙක් ප්‍රාන්ත අගමැති ෆ්‍රැන්කොයිස් ලෙගෝල්ට් පැවසුවේ “මේ වසරේ නේවාසික පාසල්වල ඛේදනීය ඉතිහාසය කැනඩාවේ ජාතික දින සැමරුම යටපත් කර තිබේ.‘‘ යනුවෙනි.
ඊට සමගාමීව සිය ජාතික දින කතාව කරමින් ජස්ටින් ටෘෘඩෝ කියා සිටියේ ‘‘ ඉතිහාසයේ සිදුවු පෙර පාසල්වල ළමුන්ගේ දේහයන් සොයා ගැනීම ‘අපේ රටේ ඓතිහාසික අසාර්ථකත්වයන් ගැන මෙනෙහි කිරීමට හා එය අපට නිසි ලෙස බලපෑම් කරීමට කාලය පැමින ඇති බවයි. කැනඩාවේ ආදිවාසීන්ට සහ තවත් බොහෝ අයට අසාධාරණයන් තවමත් පවතින බව ඔහු තවදුරටත් පැවසීය.

leave a reply