බෞද්ධ සබඳතා තර කරගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15 ක් ඉන්දියාව හමුවේ ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයකක්

මේ වසරේ දෙවන වතාවටත් ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයකට පත්වුණා නොවැම්බර් දෙවැනි දා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තිස්තුන්වන තරඟයේ දී. අන්ත පරාජය ඉවසා විඳගන්න බැරි ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයා ශ්‍රී ලංකා කණ්ඩායමට දොස් පැවරුවා පමණක් නෙවෙයි පරාජයත් අමු පාවාදීමක් ලෙස විවේචනයට ලක් කළා. ඇත්තටම එහෙම හිතෙන තරමට මේ පරාජයන් නින්දිතයි. ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ මේ තරම් අසරණ වෙන්න අපේ උන් ක්‍රිකට් දන්නේ නැද්ද. මේ මොහොතේ ක්‍රිකට් තුළ ඇත්තටම දක්ෂතා අතර සිටින කණ්ඩායම තමයි ඉන්දිය කණ්ඩායම. ඒක සම්බන්ධයෙන් අපිට විවාදයක් නැහැ. එහෙම වුණත් ඇෆ්ගනිස්ථානයේ පවා අපට වඩා හොඳට ඉන්දිය කණ්ඩායමට මුහුණ දුන්නා. එ නිසාම තමයි අපේ ප්‍රේක්ෂකයාට මේ පරාජයට පත්වීම අන්ත පාවාදීමක් ලෙස සිතෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඇදගෙන යන්නේ බොහොම අමාරුවෙන් වංචා සහගතවයි . ආසියානු කුසලානයත් මේ විදියටම අන්ත පරාජයකට පත්වෙද්දී ‍ශ්‍රී ලාංකික ටිකට් ප්‍රේක්ෂකයා අනුමාන කළේ තරඟය පාවා දුන්න කියලා. රනිල් වික්‍රමසිංහ ගොඩ එන්න ක්‍රිකට් පාවා දීලා ඉන්දියාවෙන් කප්පම් මුදල් ගත්ත කියා තමයි ප්‍රේක්ෂකයෝ කල්පනා කරේ. අපේ රටේ මිනිස්සු ක්‍රිකට් වලට ආදරෙයි. අපේ රටේ මිනිස්සුන්ට ඉතුරුවෙලා තිබුනේ සතුටට පත් වෙන්න ක්‍රිකට් ජයග්‍රහණ පමණයි.

මුහුණු පොතේ උඩ-යට යද්දි පරාජය ඉවසා දරා ගන්න බැරි කීප දෙනෙක්ම මේ තරඟයත් ඉන්දියාවට පාවා දීලා ආණ්ඩුව කීයක් හරි ඉන්දියාවෙන් ඉල්ලගත්තා ද කියලා සැක පළ කරලා තිබුණා. එ කටම හරියන්න ප්‍රවෘත්තියක් තියෙනවා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් රනිල් සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ආධාරයක් ලංකාවට ලබා දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීමට යන බව.

සමහර ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ මේ කතාවයි අද ක්‍රිකට් පරාජයයි සංසන්දනය කරනවා. ඉන්දියාව අපිට බෞද්ධ සබඳතා තර කරගන්න මේ වෙලාවෙම සල්ලි දෙන්නෙ මොකද කියලා බලනවා. එහෙම සැක කරන එකත් වැරදි නැහැ. අනිත් කණ්ඩායම් ඉදිරියේ දනිපනි ගහලා හරි ජාමෙ බේරගන්න අපේ කණ්ඩායම ඉන්දියාව හමුවේ හතරගාතෙන් ඇද වැටෙනවා. ඉන්දියාව ඉන්නේ අපේ හිරි මාංස සූරගෙන කන්න කියලා අපි දන්න නිසාම මේ වගේ වෙලාවල් වලට අපට සැකය මතු වෙන්නේ එතනින්මයි .

ශ්‍රී ලංකන් ක්‍රිකට් මේ යන විදිහට ඔතනින් එහාට යන්නෙම නැහැ.

සමාජ දේශපාලන සමස්ත ආර්ථික දේහයම කඩාගෙන බිමට වැටිලා තියෙන වෙලාවේ ක්‍රිකට් විතරක් පට්ට විදිහට දිදුල දිදුල තියෙන්න විදිහක් නැහැ. ඒත් ඉතින් මොනවා කිව්වත් මේ විදිහට පරාජය වීම නම් ඉවසා දරා ගන්න බෑ. ඒ හින්දම අර පාවාදීමේ කතාවත් අමතක කරන්න බෑ..

අභිමානය මොන රෙද්දක්ද? මේ පරාජයන් හමුවේ හොඳටම තද වෙච්ච මිනිහෙක් එහෙම හිතෙන්න පුළුවන් එහෙම හිතිච්ච මිනිස්සු ඉන්නවා එහෙම හිතිලා ලියපු මිනිස්සු සමාජ මාධ්‍ය තුළ අපට දකින්න පුළුවන්. අපිට ඒ මිනිස්සුන්ට මුකුත් කියන්න බැහැ මේ ඔක්කොම එකට එක ඈ දෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...