ගොඩ වැඩි කර ගැනීම සඳහා කුණු එකතුවීම පටන් අරන්.

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු අද සජිත් ගේ සමග ජන බලවේගය සමඟ ගිවිසුම්ගත වුණා.මේ අලුත් සන්ධානයට සමගි ජන සන්ධානය කියලා අලුත් නමකුත් පට බැඳගෙන. පොහොට්ටුවේ හිටපු සභාපති ජී එල් පීරිස් ඇතුළු පිරිසක් තමයි සජිත් සමඟ අද රට ගොඩනගන්න එකතු වුණේ.මෙසේ සන්ධාන ගත වූ සෙසු පිරිස අතර ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, උපුල් ගලප්පත්ති, වසන්ත යාපා බණ්ඩාර ද වෙනවා.

රට ගොඩනගන්නට කියමින් යළි යළිත් මේ එකතු වන්නේ පරණ කුණුමය. වෙනසකට තිබෙන්නේ කුණු ගොඩට කලින් කලට අලුත් නම් පටබැඳීමය. මේ රට අද පවතින තත්ත්වයට ඇද දමන්නට මොවුන් හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් දායකත්වය සපයා ඇත්තෝය.

නිදහස ජනතා සභාව නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම තවමත් වටේ කැරකෙමින් හොඳම කුණුගොඩ හොයමින් පා වෙමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...