මොන විද්‍යාවේ කතා කළත් නායකයෙකුගෙන් අපි අපේක්ෂා කරන දේ බොහෝය.
නායකයන් බිහිවන්නේ අනුගාමිකයන් නිසාය.එනිසාම නායකයාට අනුගාමිකයා ඉතා වැදගත් ය.
එක එක හැඳි දරණ නායකයෝ ද ,නායකත්වය ඇරියස් කවර් කිරීමට ගන්නා පුද්ගලයෝ ද, නායකත්වයට නිගා දෙන්නෝ ද,නායකත්වයෙන් තමා පමණක් බැබළෙන්නෝ ද,නායකත්වයෙන් ප්‍රතිලාභ පමණක් සොයන්නෝ ද නායකත්වය අවභාවිත කරන්නෝ ය. ඔවුහු අනුගාමිකයා නොසලකන්නෝ නිසා ඔවුන්ටම නොදැනී නායකත්වය හෑල්ලුවට ලක්වේ.
බොහෝ නායකයෝ අනුගාමිකයන් අතර හුදකලා වන්නේ ,විහිළුවට ලක්වන්නේ මේ නිසාය.
රැළක් අයාලේ යද්දී පෙළක් නායකයෝ බිහිවීම අත්‍යවශ්‍යය .
එහෙත් මෑත කාලින ආගමික,ආර්ථික ,දේශපාලන නායකයෝ රැළ පිටින්ම අයාලේය.
නායකයා බිහිවන්නේම අයාලයේය.
සමාජ සංස්ථාව ආගම මගින් තීරණය ලංකාවේ මෑත කාලින ඈත කාලීන ප්‍රවණතාවයකි.
බොහෝ වැරදි මෙන්ම නිවැරදි තීරණ මේ නිසා උපදී.
ආගම මෙතරම් ප්‍රබල වෙද්දී ආගම මුල් කරගෙන බිහිවෙන නායකයෝ බහුබූත විලාස ගනී.
මීට මෑතකාලීන හොඳම උදාහරණය දියසෙන් රාජ්‍යය පිහිටුවාගත් දියසෙන් හාමුදුරු වේසධාරියාය.
සිවුර අවභාවිත ඔහු රංගනයක් කරයි.එය ඔහුගේ මුහුණින්,ඉරියව්වලින් ප්‍රකටය.
ඔහු රැඟුවාට කම්නැත.
රැඟීම ආගමේම කොටසකි.
නමුත් රැඟීමට අහුවෙන අනුගාමිකයන් සිටීම රටක අවාසනාවකි.
දුක ඒ අහුවීම තවත් බාල පරම්පරාවකට පැවරීමයි.
හැම ආගමික විකාරයකටම වැඩිහිටි පවුල් නායකයෝ බාලයෝද රැගෙන යත්.
නායකයෝ විකාර නැටීම පටන් ගන්නේ පවුල් නායකයන්ගෙනි.නිරවුල් හැඟීමක් නැති පවුල් නායකයෝ රටකට නායකයන් පත්කරගනිති.රටක ආර්ථිකය ,දේශපාලනය තීරණය කරති.එය තවත් පරම්පරාවකට විචාර බුද්ධියෙන් තොරව ග්‍රහණයට නතු කරති.
නායකත්ව භූමිකා නිසාම අපි දිනෙන් දින පිරිහෙමින් නැසෙමු.
කාල්මාක්ස් ට අනුව ආගම අබිං බඳුය.
ලංකාවේ නායකයෝ අබිං කති.ඔවුන් පමණක් නොව පරම්පරා ගණනාවක් ඒ මතේ මත්වෙති.