මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ‘බාල්දියක්’

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ දේශපාලනඥයින්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක් බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වූ සහ පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවූ නන්දන ගුණතිලක මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නන්දන ගුණතිලක පසුගියදා (02) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.

එමගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් පූර්ණ කාලීනව දේශපාලනයට යොමුවීම හේතුවෙන් තමන් සතු සියලු දේ අහිමිවූ අතර මෙම තත්ත්වය තුළ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමාට ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති බවය.

සිය විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි කිරීමට වත්මන් රජය ගන්නා උත්සාහයට එරෙහිව කඩිනමින් පියවරක් ගන්නා ලෙස විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව පාර්ශව ගණනාවකගෙන් ඉල්ලීමක් කර තිබේ. මන්ත්‍රී එකමුතුව විසින් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට, යුරෝපා පාර්ලිමේන්තුවට සහ ඉන්දියාවට මෙම ඉල්ලීමක් කර තිබේ.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරන්නේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පියවර ගතහොත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වාම සිටි කාලය තුළ අනීතිකව ලබා ගත් වැටුප නැවත ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්නට සිදුවනු ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...