ඇමති විජිතයි නියෝජ්‍ය ඇමැතියි සංචාරක ආදායම ගැන කතා දෙකක් කියලා

පසුගිය මාස හයක කාලයක් තුළ සංචාරකයින් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ ඊයේ (04) පැහැදිළි කිරීමක් සිදු කළේය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකු වාර්තාවට ජූනි මාසය අවසාන වන විට සංචාරක පැමිණීමෙන් ඉපයූ ආදායම මහ බැංකු වාර්තාවට අනුව සඳහන් වී ඇත්තේ ඩොලර් බිලියන 1.7ක් ලෙස බවය.

කෙසේ නමුත් ජූලි මාසයේ දත්ත මීට ඇතුළත්ව නැති බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජූලි මාසයේ ගත්තාද එවැනි ආදායමක් ලැබෙනු ඇති බව තමන් නොසිතන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ,

“මම හිතන්නේ මහ බැංකු දත්ත මත අපිට තියෙන්නේ ජූනි මාසයේ අවසාන වෙනකන් විතරයි. ජූලි මාසයේ ගණනය කිරීම් ඇතුළත් වෙලා තිබුණේ නෑ. ඒ අනුව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජූනි අවසාන වෙනකොට ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 1.7ක් කියලා. ඒක තමයි නිවැරදි දත්තය….. විශාල පරතරයක් දකින්න පුළුවන් ඇමතිවරයාගේ සඳහනත් එක්ක ජූලි මාසයේ සම්පූර්ණයෙන් අපිට ඒ තරම් ලැබෙන්නේ නැතිව ඇති කියන අදහස තමයි මට තියෙන්නේ.”

උපුටා ගැනීම – adaderana

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...