ගාසා තීරය යළි ඇවිලෙයි

සඳුදා දිනයේ සිට ගාසා තීරයේ සිදුවූ ගැටුම්වලින් 53ට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ. මේ අතර කුඩා දරුවන් 14දෙනෙකුද ඇතුළත් වේ. ඊශ්‍රායල් හමුදාව විසින් දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ. 2014 දී සිදුවූ බෝම්බ හෙලීමෙන් පසු ගාසා තීරයේ සිදු වූ දරුණුතම ගුවන් ප්‍රහාර මාලාව මෙය ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හමාස් සංවිධානයේ කාර්යාලයක් පිහිටියේ යැයි පැවසෙන මහල් සංකීර්ණයක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විනාශයට පත් විය. ඊට ප්‍රතිචාර වශයෙන් ගාසා හි සටන්කරුවෝ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරය වෙත රොකට් ප්‍රහාර එල්ල කර තිබුණි.

මෙම ගැටුම් යළි ඇවිලීමට හේතුවුවේ නැගෙනහිර ජෙරුසලමේ අල් අක්සා මුස්ලිම් දේවස්ථානය අසලදී ඊශ්‍රායල පොලිස් නිලධාරීන් ඉස්ලාම් බැතිමතුන්ට පහරදීමයි. රාමසාන් මාසයේ විශේෂිත දිනයක් වූ ‘ලෙයිලතුල් කදීර්‘ දිනයේ රාත්‍රී දේවමෙහෙයට පැමිණි ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් ඊශ්‍රායල් හමුදාව විසින් පළවා හැර තිබුණි. ඉස්ලාම් මෙන්ම කතෝලික ජනතාවගෙත් ශුද්ධ භූමියක් ලෙස සැලකෙන ජෙරුසලමේ නැගෙනහිර පළාත මීට දශක කිහිපයකට පෙර ඊශ්‍රායලය අත්පත් කරගනු ලැබුවත්, එහි ඉස්ලාම් දේවස්ථානයේ දේව මෙහෙයන් සිදුකිරීමට පලස්තීන වැසියන්ට අවසර ලැබී තිබිණි. නමුත් ඊට කඩා වැදුණු ඊශ්‍රායල හමුදාව එහි සිටි වනදනාකරුවන්ට කඳුළු ගෑස්‌ එල්ලකරමින් , වානේ උණ්ඩ සහ ග්‍රෙනේඩ් එල්ලකරමින් පළවා හැර තිබුණි. මේ පළවා හැරීම්වලදී පලස්තීනුවන් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. ඉන්පසු ඊට ප්‍රතිචාර ලෙස හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරමින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියි.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...