දිනෙන් දින තීව්ර වෙන යෞවන සමාජ බලපොරය

මේ දිනවල යෞවන සමාජ නිලවරණ අවස්ථාවලදී විවිධ නොසන්සුන්තා ඇතිවීම, ගැටුම් ඇතිවීම දිගින් දිගටම දක්නට ලැබේ. රට පුරා යෞවන සමාජ නිලවරණ ආණ්ඩුව සහ විපක්ෂයේ පොරපිටි බවට පත්ව තිබේ.

ඊයේ (03) පෙරවරුවේ පැවැත්වුනු කළුතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ නිළවරණය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනු අතර එහිදී පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා නොසන්සුන් තාවයක් ඇති විය.

මෙම නිළවරණය අතර සියළුම නිලධාරීන් පාහේ තේරුණේ ඡන්දයෙනි.

සවස් වරුවේ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබියදී ප්‍රධාන ආරාධිතයාවූ කළුතර වැඩ බලන දිස්ත්‍රික් ලේකම් ශානික ත්‍රිමාන්න ඇතුළු පිරිස කැඳවාගෙන එමින් සිටියදී ශාලාවෙන් පිටත සිටි පිරිසක් නව නිලධාරීන් තේරූ ආකාරය පිළිබඳව දොස් නගමින් කළහකාරීව හැසිරී තිබේ.

කළුතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය දේශපාලනීකරණය කිරීමට එරෙහිව විරෝධය පල කල තරුණ දේශපාලන ක්‍රියාකාරිකයකු වන පූර්ණ සත්‍යජිත් ඊයේ අත්අඩංගුවට පත් වුණ අතර, පසුව පොලිස් ඇප මත ඔහුව නිදහස් කර ඇත.

මෙහිදී බොහෝදෙනෙක් මතුකරන කාරණයක් වන්නේ යෞවන සමාජ තරුණයන්ගේ ප්‍රශ්න ගැන හඬ නගන ආණ්ඩුව ගන්නා ක්‍රියාමර්ග ප්‍රශ්න කරන ව්‍යුහයක් ලෙස ක්‍රියාත්මක නොවී ඒවායේ සියලු බලය ආණ්ඩුව ගැනීම හරහා විකල්පයකට ඇති ඉඩ ඇහිරී යන බවයි.

ඒවා ආණ්ඩුවේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ව්‍යුහ බවට පත්වෙනු ඇති බවයි. පසුගිය ආණ්ඩු සමයන්වල යෞවන සමාජ බාවිතා කරනු ලැබුවේ තරුණයාට දේශපාලනය කළ හැකි ස්ථාන ලෙස නොව ප්‍රධන පක්ෂවල නෑදෑ ගෝලබාලයන්ට දේශපාලනයේ අත්පොත් තැබිය හැකි ස්ථාන ලෙසයි.

දැන් වර්තමාන ආණ්ඩුව ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ සිට සහභාගීත්වයෙන් මේ කරමින් සිටින්නේ එම කාර්යමද යන සැකය මතුවෙමින් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...