Breaking News

පොර්ට් සිටියෙන් දිව්‍ය ලෝකයක් උදා වේද ..

මේ ගැන අපි ගැඹුරින් . ආර්ථික . සමාජයීය දේශපලන වශයෙන් සොයා බලමු ..
පලමු කොට ආර්ථික වශයෙන් බලන කල පොර්ට් සිටියට චීනය දරා ඇති මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1.3 කි . ඒ හේතුවෙන් ඔවුන්ට අපේ රටේ එම නිර්මිත නව භුමි භාහයෙන් වැඩි කොටසක් තුල කටුයුතු කිරීමට වසර 99 ක් බද්දකට හිමිකමක් ලැබේ ..

මෙම පොර්ට් සිටියෙන් රටේ ආර්ථිකයට ලැබෙන අයෝජන විමසා බලමු . ව්‍යාපෘතිය ඇරඹීමෙන් පසුව වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 1.5 බැගින් වසර 10 තුලදී සම්පුර්ණ වශයෙන් අපේක්ෂිත මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15 කි ..

මෙහිදී හාස්‍යට කරුණ නම් ශ්‍රී ලංකාවෙන් ගිලීගි ගිය GSP + සහනයෙන් පමනක් බංගලිදේශය උපයන වාර්ෂික ඩොලර් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 35 ක් ලෙස වාර්ෂිකව දැක් වේ.. එසේම ඔවුන් එම මුදලත් දෙගුණයක් කර ගැනීමේ වැඩ සටහන් අරඹා ඇත .. ඒ සදහා තම රට බදු දීමක් ඔවුන් නොකරයි. .. ඒ අතරම දැක්වෙන්නේත් ශ්‍රී ලංකාව ද වාර්ෂිකව මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් ඇගලුම් අපනයනයෙන් මේ වනවිට උපයන බවයි,,
වසරකදී බිලියන 1.5 ක ආයෝජනයක් රට තුල ගේනවා ගැනීමට රටේ භූමියක් වසර 99 ක් විදේශිකයින්ට බදු දිය යුතු ද ??
එය ඔබ සිතා බලන්න එයට උපකාරී වීම සදහා තවත් එක් සාධකයක් ඔබේ පහසුව සදහා ඉදිරිපත් කරමි ..

එනම් වසරකට ශ්‍රී ලංකාවට විදේශී ගත ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ඩොලර් බිලියන 6 ක් නොකඩවා සැපයුමක් කරමින් පවතියි..එනම් ඔවුන් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 6 ක් විදෙස් මුදල් සැපයීමක් කරනු ලබයි..

ඔවුන් විසින් තමන්ගේ ශ්‍රමය කැප කර දැන් වසර ගණනාවක් තිස්සේ විශාල ලෙස විදේශ විනිමය ඩොලර් බිලියන සිය ගණනක් රට තුලට පොම්ප කර ඇතත් ඉන් සංවර්ධනය වීමක් තබා අඩුම තරමින් රටේ පාලකයින්ට ණයක් නොවී රට තබා ගැනීමේ අවම සදාචරයක් වත් තිබුනත් එහෙත් ර්යවත් සිදු වුයේ නැත .. සිදු වුයේ එම මුදල් අවභාවිතයේ යෙදීමයි ..

සිදුවුයේ ලෝකයේ දසතින් ණය ගෙන අවසානයේ රටේ භූමියත් වසර 99 බදු දීමටය …

දැනට පොර්ට් සිටියෙන් සම්පුර්ණ ව්‍යාපෘතිය අවසානයේ අපේක්ෂිත ආදයම් ලෙස රජයට වාර්ෂිකව මිලියන 8000 ක් බලාපොරොත්තු වේ . එසේම ඊට අමතරව අපේක්ෂා කරන්නේ වසර 10 ක් තුලදී අයෝජන ලෙස ඇමරිකානු ඩොලර් බිලයන 15 කි ..එනම ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයින් වසර 2 1/2 එවන මුදලක මුළු එකතුවකි … දැනට අපෙන් ගිලීගි ගිය ඇගලුම් අදයමෙන . බංගලිදේශය උපයන 7778787ඇගලුම් අදායමින් වසර 1/2 අදයමකි..

අදායම් අනුව බලන කල නම් පොර්ට් සිටියෙන් අපේක්ෂිත අදායම වසරකට ඩොලර් මිලියන 800 කි .. එහෙත් කිසිම බදු සහනයක් ලබා නොදී කිසිදු වරප්‍රසාදයක් නොලබා විදේශ ග්‍රමිකයින් මෙරටට වසරකට ඩොලර් බිලියන 6 සපයයි..

දැන් අපි සලකා බලමු පොර්ට් සිටියෙන් උත්පාදනය විය හැකි නව රැකියා සංඛ්‍යාව

ලැබෙන දත්ත වලින් පවසන අයුරින් නම් ව්‍යාපෘතිය අවසනයේ එනම් වසර 10 කින් පසුව රැකියාවන් ලෙස ඍජු රැකියාවන් 130 000 උත්පාදනය විය හැකි අතර එසේම ඉන් විදේශකයින්ට 30 000 හා දේශීය වශයෙන් රැකියා 90 000 කි ..ඊටත් අමතරව වක්‍ර රැකියා 75 000 ද සම්පුර්ණ වශයෙන් ක්‍රියත්මක වීමේදී ජනිත විය හැක..

මෙහි තිබෙන සියලුම රැකියාවන් අතරට හෝටල් . ආගන්තුක සේවා , වාණිජ , රෝහල් . පාසල් .දැක්වෙන අතර පොර්ට් සිටිය සම්පුර්ණ ලෙස ක්‍රියාත්මක වන කල රජයට අපේක්ෂිත අදායම වසරකට ඩොලර් මිලියන 800 කි .

මේ රැකියා සියල්ල සේවා අංශයේ වන අතර පවතින තත්වය මත ඉනුත් ප්‍රධාන වශයෙන් කැසිනෝ හා සුදු සේවාවන් ප්‍රධාන තැනක් ගනු ඇති අතර එයින් වර්තමානයේ මෙරට ආගමික නායකයින් පවසන සදාචරය බරපතල අභියෝගයකට ලක් වනු ඇත ..

එසේම ඒ සමගම පොර්ට් සිටි හරහා මෙරටට පැමිණිය හැකි සංචාරකයින් පිනවීම සදහා විවිධ සේවා වන් සැපයීමට සිදුවෙනු ඇත ..

මෙහි ශ්‍රී ලංකික රැකියා බොහෝ විට ඉහල පෙලේ රැකියාවන් ප්‍රබල දේශපාලක පවුල් අතර රැදී පවතිනු ඇති අතර දැනටමත් එයට මනා උදාහරණ ඇත ..
මෙය ලොවේ එකම මෙවැනි මුල්‍ය නගරයක් , සේවා සපයන නගරයක් නොවෙන හෙයින් ඩොලර් බිලියන 15 ආයෝජන ගෙන්වා ගැනීමට වුවත් බදු සහන ලබා දීමට සිදු වෙනු ඇත …

මෙහි ප්‍රධාන වාසිය හිමි වනුයේ මෙරට මැතක ධනවතුන් ලෙස පළමු පන්තියට එක් වූ පිරිසට වන අතර ඔවුන්ට අවශ්‍ය සිහින නගරයක් මෙහි බිහි වී රටේ ආදයම මේ හරහා තමන්ට රිසි ලෙස වියදම් කිරීමට හැකි වනු ඇත ..

සාමන්‍ය ජනතාවට සිදු වනුයේ ඉද හිට ගොස් මෙහි දැකුම්කලු බවත් ඊට අමතරව තමන් ද පොර්ට් සිටියට ගිය බවට මතකයන් ලෙස විටින් විට ගොස් පැමිණීමයි…ඊට අමතරව සැලකිය යුතු දෙයක් මෙයින් රටේ පොදු ජනතාවට නම් නොලැබේ ..

වාර්ෂිකව ඩොලර් මිලියන 800 උපාය ගැනීමට වසර 99 චීනයට බදු දෙන රජයන් ඩොලර් බිලියන 6 ක් උපයා දෙන විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබා දෙනුයේ කුමක්ද ?

මැයි මස 3 දින පස්වරු 3.00
ජෝසප් ඩයස් (Joseph Dias )
JSD Newsline

leave a reply