ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබූ රක්නා ලංකාත් ධම්මික යටතට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, තවත් ආයතන තුනක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වන ධම්මික පෙරේරා යටතට පත් කර තිබේ.

ඒ අනුව,
රක්නා ලංකා ආරක්ෂණ සමාගම,
සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සහ
හොටෙල් ඩිවලොපර්ස් ලංකා පුද්ගලික සමාගම යන ආයතන ධම්මික පෙරේරා අමාත්‍යවරයා යටතේ ඇති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

මීට පෙර රක්නා ආරක්ෂක ලංකා ආයතනය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවතිණි. සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සහ හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම පැවරී තිබුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විෂය පථය යටතේය.

ජූලි මාසයේ 06 වන දා, අමාත්‍ය ධම්මික පෙරේරා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැඩිව විවේචනය කළ අතර, ඔහු කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ ඔහු දරන මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වි ගෙදර යා යුතු බවයි.

රටට ඩොලර් ඉපයීමේ හෝ ජනතාවට කන්න දීමේ කිසිදු වැඩපිළිවෙලක් රනිල් වික්‍රමසිංහට නැති බවද ඔහු කියා සිටියේ ය.
අග්‍රාමාත්‍යවරයා එසේ විවේචනය කර පැය විසි හතරක් ගත වීමටත් මත්තෙන්, ජනාධිපතිවරයා විසින් ධම්මික පෙරේරාගේ බලතල මෙසේ තවත් වැඩි කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...