ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබූ රක්නා ලංකාත් ධම්මික යටතට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, තවත් ආයතන තුනක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වන ධම්මික පෙරේරා යටතට පත් කර තිබේ.

ඒ අනුව,
රක්නා ලංකා ආරක්ෂණ සමාගම,
සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සහ
හොටෙල් ඩිවලොපර්ස් ලංකා පුද්ගලික සමාගම යන ආයතන ධම්මික පෙරේරා අමාත්‍යවරයා යටතේ ඇති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

මීට පෙර රක්නා ආරක්ෂක ලංකා ආයතනය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවතිණි. සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සහ හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම පැවරී තිබුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විෂය පථය යටතේය.

ජූලි මාසයේ 06 වන දා, අමාත්‍ය ධම්මික පෙරේරා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැඩිව විවේචනය කළ අතර, ඔහු කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ ඔහු දරන මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වි ගෙදර යා යුතු බවයි.

රටට ඩොලර් ඉපයීමේ හෝ ජනතාවට කන්න දීමේ කිසිදු වැඩපිළිවෙලක් රනිල් වික්‍රමසිංහට නැති බවද ඔහු කියා සිටියේ ය.
අග්‍රාමාත්‍යවරයා එසේ විවේචනය කර පැය විසි හතරක් ගත වීමටත් මත්තෙන්, ජනාධිපතිවරයා විසින් ධම්මික පෙරේරාගේ බලතල මෙසේ තවත් වැඩි කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...