බය හින්ද යි මගෙ ටීචර් අලි අඳින්න බෑ කිව්වෙ

ඔන්න බබෝ ඇතින්නියා
වන අරඹේ සිටින්නියා
වැට බිඳගෙන පනින්නියා
බබු අරගෙන දුවන්නියා

දොයි දොයි දොයි දොයියන්නෙත් බයෙන්
බයි බයි බයි බයිකන්නෙත් බයෙන්
අපේ පැළට උන් එන්නෙත් බයෙන්
උන් එනවට අපි ඉන්නෙත් බයෙන්

අපෙ අප්පා ගඟට ගියේ
වැලි ගොඩ දා එන්න ගියේ
වළලු ගෙනත් දෙන්න ගියේ
අතරමඟ දි බිඳිලා ගියේ

අපෙ අම්මා දරට ගියේ
දිනක් දෙකක් කිරි කෑවේ
කිරි මුට්ටිය පොඩි වූයේ
ඊට උඩින් ඇත්තු ගියේ

ඔය හින්ද යි මගෙ ටීචර්
මං අඳින්න බෑ කිව්වේ
බය හින්දයි මගෙ ටීචර්
අලි අඳින්න බෑ කිව්වේ.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...