බය හින්ද යි මගෙ ටීචර් අලි අඳින්න බෑ කිව්වෙ

ඔන්න බබෝ ඇතින්නියා
වන අරඹේ සිටින්නියා
වැට බිඳගෙන පනින්නියා
බබු අරගෙන දුවන්නියා

දොයි දොයි දොයි දොයියන්නෙත් බයෙන්
බයි බයි බයි බයිකන්නෙත් බයෙන්
අපේ පැළට උන් එන්නෙත් බයෙන්
උන් එනවට අපි ඉන්නෙත් බයෙන්

අපෙ අප්පා ගඟට ගියේ
වැලි ගොඩ දා එන්න ගියේ
වළලු ගෙනත් දෙන්න ගියේ
අතරමඟ දි බිඳිලා ගියේ

අපෙ අම්මා දරට ගියේ
දිනක් දෙකක් කිරි කෑවේ
කිරි මුට්ටිය පොඩි වූයේ
ඊට උඩින් ඇත්තු ගියේ

ඔය හින්ද යි මගෙ ටීචර්
මං අඳින්න බෑ කිව්වේ
බය හින්දයි මගෙ ටීචර්
අලි අඳින්න බෑ කිව්වේ.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...