ලංකාවත් ආහාර අර්බුදය අතින් ඉතියෝපියාව මට්ටමේ

ඉදිරි මාස කිහිපය තුළ ලොවපුරා රටවල් 19 ක ආහාර අනාරක්ෂිතභාවය තවදුරටත් පිරිහෙනු ඇති බව ලෝක ආහාර වැඩසටහන උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. රුසියානු-යුක්රේන අර්බුදය, දේශගුණික විපර්යාස, වසංගත සහ කලාපීය ගැටුම් මේ සඳහා බලපාන බවයි එම සංවිධානය පවසන්නේ.

මෙම රටවල් 19 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබෙනවා. ඒ අනුව ඇෆ්ගනිස්තානය, දකුණු සුඩානය, යේමනය, ඉතියෝපියාව, සෝමාලියාව ඇතුළු රටවල මට්ටමටම ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය උග්‍ර වී තිබේ.

පසුගිය ජුනි මාසයේදී ලෝක ආහාර වැඩසටහන වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින බවයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කරගත නොහැකි මට්ටමට මෙරට ආර්ථිකය පිරිහී ඇති අතර දේශීය ආහාර ද්‍රව්‍යවල මිල දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා.

ඉහළ උද්ධමනය, භාණ්ඩ වල මිල ඉහළ යාම, විදුලිය කප්පාදුව සහ ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් පවතින බවත් කෘෂි කාර්මික නිෂ්පාදනවල සැලකිය යුතු අඩුවීම අර්බුදය තවත් උග්‍ර කර ඇති බවත් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ද සඳහන් කර තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...