එන්නතක ආයු කාලය මාස හතයි. වසරක් ඇතුළත නැවත එන්නත් ලබාදිය යුතුයි 

කොරෝනා වසංගතය මර්ධනය කිරීමට ඇති එකම උත්තරය එන්නත්කරණය බව පැවසුවද එය එසේ සාර්ථක කර ගැනීමට හැකි වේ ද යන පැනය දැන් අප හමුවේ පවතිනවා. ඊට බලපාන ප්‍රධාන හේතුව තමයි මේ එන්නත් වරින්වර ජනතාවට ලබා දීමට සිදුවීම.  පසුගියදා ජර්මනිය පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමරිකානු ෆයිසර් සමඟ එක්ව කොවිඩ් මර්ධන  එන්නත නිපදවූ  බයෝටෙක් හි නිර්මාතෘවරයා හෙළි කරන්නේ මාස  හතත්  නවයත් අතර කාලයෙන් පසුව  එන්නතේ  ශක්තිය හීන වී යන බවයි.  දැනට පවතින එන්නත් උපරිම අවුරුද්දක කාලයක  ශක්තියක් ඇති අතර  අනිවාර්යෙන්ම වසරක් ඉක්ම යන්නට මත්තෙන් නැවතත් එන්නත් ලබාදීම සිදුකළ යුතු බවයි.

මේ අනුව ඔවුන්ගේ අත්හදා බැලීම්වලින් තහවුරු කරගෙන තිබෙන්නේ බයෝ ටෙක්-ෆයිසර් එන්නතෙහි කාර්යක්ෂමතාව  91% සිට 95% දක්වා  බෙලහීන වීමට ඉඩකඩ ඇති බැවින්  නැවත සීයට සීයක් ප්‍රතිශක්තිකරණය ශරීරගත කිරීමට නම්  ප්‍රථම මාත්‍රා දෙක ලබාගත් සියලුම පුද්ගලයන්ට තුන්වන මාත්‍රාවක් ද ලබා දීමට සිදුවන බවයි.

ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන නව ප්‍රභේද හමුවේ   එන්නත් කෙසේ ක්‍රියාකාරී වේවිද යන්න පිළිබඳව ද ගැටලු පවතින බව වාර්තා වෙනවා. ඒ අනුව ඉදිරියේ දී නිෂ්පාදනය කිරීමට නියමිත එන්නත් දැනට සොයාගෙන තිබෙන ුල් කොරෝනා වෛරස ප්‍රභේදයට  මෙන්ම  න් නිර්මාණය වූ විකෘති ප්‍රභේදයන් වලට ද එරෙහිව ක්‍රියාත්මක වන ආකාරයෙන්  නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙන බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.  අනුව ඉන්දියානු ප්‍රභේදය පිළිබඳව  තවමත් පවතින්නේ පර්යේෂණ සිදුකරන මට්ටමේ.

  මේ පවතින සියලු කරුණු සැලකිල්ලට ගත් කල අපට පෙනී යන්නේ කොරෝනා වසංගත මර්ධනය  එන්නත්කරනය  තුළින් පමණක්  කළ නොහැකි බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...