Breaking News

ආණ්ඩුව හැදුව ජනතාවට ඒ් ආණ්ඩුව හරි පාරට ගන්න පුලුවන්, මහජන බලයක් හදමු! – වසන්ත මුදලිගේ

” අද මේ නුවර නගරේ ඉන්න ත්‍රීවිල් එකක් එළවන තාත්තලා, හන්දියේ කඩයක් දාගෙන කියක් හරි හොයන අම්මලා මේ හැමෝම ඉන්නේ ප්‍රශ්න ගොඩක. ඒ අම්මලාගේ ඒ තාත්තලාගේ ප්‍රශ්නය අරගෙන තමයි අද අපි ඔබ ඉදිරියට ආවේ. අපි එහෙම එනකොට ආණ්ඩුව කියනවා තාම අවුරුද්දයිනේ අනේ තව ටිකක් ඉවසන්නලු. අපි අහනවා අපිට බලාගෙන ඉන්න කියන්නේ ඇයි. බෙල්ල මුලටම් බදු ගහලා මිනිස්සුන්ට තුන් වේල කන්න නැති කරද්දි අපි තවත් බලාගෙන ඉන්න ඕනද ? පාසල් දරුවන්ගේ පොත්පත්වලට බදු ගැහුවා මදිවට ගමේ ඉස්කෝලේ වහන්න සැලසුම් හදාගෙන එනකොට අපි බලාගෙන ඉන්න ඕනද ? මුත්තු නගර්වල ගොවියන්ව මන්නාරමෙ ධීවරයන්ව එළවලා ඉඩම්ටික ඉන්දියානු සමාගම්වලට විකුණද්දි අපි බලාගෙන ඉන්න ඕනද ? එහෙම බලාගෙන ඉන්න තවදුරටත් බැරි නිසා තමයි අපි ජන අරගල සන්ධානය විදිහට නගරයෙන් නගරයට ගිහිල්ලා ජනතාව දැනුවත් කරන්න තීරණය කලේ.

දැන් මේ සියල්ල කරන ගමන් ආණ්ඩුව මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා බයිලා ගහනවා. මේවට එරෙහිව කතාකරන්කොට අපිට කියනවා කෑ ගහන්න එපාලු. අපි කෑ ගැහුවොත් පරණ හොරු නැගිටිනවලු. අපි අහනදා පරණ හොරු නැගිටින්නේ අපි මේ ප්‍රශ්න කතාකරන නිසාද ? නැත්තං ආණ්ඩුව ඡන්දෙට කලින් දීපු පොරොන්දු අමතක කරලා දැන් ක්‍රියාත්මක කරමින් ඉන්න ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ නිසාද ? මන්නාරමේ ධීවරයෝ තමන්ගේ ඉඩම් ටික ඉන්දියාවට පාවාදෙන්න එපා කියලා ආරම්භ කරපු සත්‍යග්‍රහයට අදට දවස් 21ක්. දැන් මේගොල්ලො බලාගෙන ඉන්නේ මොනවහරි කරලා ඒ ජනතාව එතනින් එලවලා ඉන්දියාවට දූපතම ලියලා දෙන්න. නමුත් අපි කියනවා ජන අරගල ව්‍යාපාරය විදිහට අපි ඒකට ඉඩ තියන්නේ නෑ. අපි මන්නාරම දූපත විකිණීම්ට එරෙහිව අරගල කරනවා. මුත්තු නගර් ඉඩම් ටික ඉන්දියාවට දෙන්න එපා කියලා සඨන් කරන ගොවියෝ එක්ක අපි ඉන්නවා. විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ අරගලය ඇතුලේ අපි ඉන්නවා.

දැන් මේ රටේ ජනතාව ආණ්ඩු හදලා ආණ්ඩු එලවලා හෙම්බත් වෙලා ඉන්නේ. අලුතින් ආණ්ඩුවක් හදන්න හරි ආණ්ඩුව එලවන්න හරි කියලා නෙවෙයි අපි අද ඔබ ඉදිරියට ඇවිත් ඉන්නේ. අපි විස්වාස කරනවා මෙතෙක් කල් ආණ්ඩු ක්‍රියාත්මක කරන්න් ගියපු ජනතාද්‍රෝහී වැඩපිළිවෙළවල් අපි පරාජය කලේ මහජන බලයෙන්. ඔබ මෙච්චර කල් කලේ ඡන්දෙ දීලා ආණ්ඩුවක් හදලා ගෙදරට වෙලා බලාගෙන ඉන්න එක. අපි කියන්නේ දැන් එහෙම බලාගෙන හිටියා ඇති. ආණ්ඩුව හැදුවා වගේම ඒ හදපු ආණ්ඩුව හරි පාරේ අරගෙන යන්න පුලුවන් මහජන බලයක් හැදෙන්න ඕන. දැන් මේ ආණ්ඩුව පාලනය කරන්නේ IMF එක. දැන් ආණ්ඩුව පාලනය කරන්නේ ඉන්දිව. මේ ආණ්ඩුව පාලනය කරන්නේ මහාපරිමාණ ව්‍යාපාරිකයෝ. ඒ නිසා තමයි ආණ්ඩුව IMF එකයි ඉන්දියාවයි සතුටු කරන ගමනක යමින් ඉන්නේ. අන්න ඒ ගමන වෙනස් කරන්න නම් ජනතාව මේ ආණ්ඩුවට මැදිහත් වෙන්න ඕන. අන්න ඒ මහජන බලය ගොඩ නගන්න එකතුවෙන්න කියලා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා. "

leave a reply