Breaking News

එකතැන කැරකෙන ‘පාස්කු ප්‍රහාර විවාද’

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අද පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කල් තැබීමේ විවාදයේ දී හෙළිව තිබේ.

බුද්ධි අංශවල ඉතා සුළු පිරිසක් පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටි බවත්, බුද්ධි අංශ අති බහුතරයක් එසේ නොවන බවත් සයින්දමරුදු පිිපිරීම වන කාලයේ තමා නැගෙනහිර යුද යමුදා ආඥාපති ලෙස කටයුතු කළ බව පිළිගන්නා බවත්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර අද පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබේ.

අද (09) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කල් තැබීමේ විවාදයේ දී මන්ත්‍රී මුජිබර් රහුමාන් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබුණු බවත්, ඒ අනුව එහි ගොස් පැය 06කට අධික කටඋත්තරයක් ලබා දුන් බවයි.

සයින්දමරුදු පිපිරීම අවස්ථාවේ සාරා ජස්මින් නිරුපද්‍රිතව පිටවී ගිය බවට තොරතුරු ඇති බවත්, ඒ පිළිබඳව එවකට නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ වර්තමාන ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතා යටතේ සිටි මේජර් සුදසිංහගෙන් ප්‍රශ්න කළහොත් අනාවරණය කර ගත හැකි බවත් මුජිබර් රහුමාන් අවධාරණය කර තිබේ.

සාරා ජස්මින් මිය ගිය බවට පෙන්වීමට පසුගිය ආණ්ඩුවට උවමනාවක් තිබූ බවට පැවසූ මුජිබර් රහුමාන් සඳහන් කළේ, එම වුවමනාව කළ තුන්වැනි ඩීඑන්ඒ පරීක්ෂණයේ වාර්තාව ලබා ගැනීමට ගියේ පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ තවත් කෙනෙකු බවත්, ඒ ගියේ කවුරුන්ද යන්න චන්දන වික්‍රමරත්නගෙන් දැන ගත හැකි බවයි.

එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ඒ පිටුපස තිබූ කුමන්ත්‍රණය ගැන මුජිබර් රහුමාන් දීර්ඝ ප්‍රකාශයක් සිදු කළා.

එසේම මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී ටී.එම්.වී.පී නායක, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබද පූර්ව දැනුවත්භාවයෙන් සිට ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

2018.11.30 වෙනිදා එනම් පාස්කු ප්‍රහාරයට පෙර සිදු වීමක් වී ඇත. වවුනතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොලක් අසලදී පොලිස් මුර පොළේ හිටපු නිළධාරීන් දෙදෙනෙකු ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාර හා මුවහත් ආයුධ වලින් පහර දී ඔවුන් මරණයට පත් කර ඇත. මීට අදාළ විමර්ශන වලදී හිටපු L.T.T.E සාමාජිකයෙකු වන අජන්තන් අත් අඩංගුවට ගෙන ඇත. ඊට සාක්ෂි ලෙස අජන්තන් නමැති පුද්ගලයා භාවිතා කළ යතුරු පැදි කබාය සහ අසල බෝක්කුවක් යට දමා අපරාධය අජන්තන් විසින් සිදු කළා යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඒත්තු ගැන්වෙන පරිදි අසත්‍ය සාක්ෂියක් නිර්මාණය කර විමර්ශන නොමග යැවීමට කටයුතු කර ඇත. ඒ අනුව එවකට සිදු කළ පරිෂණය සබ සිද්ධිය නොමග යැවීමක් බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ නිලධාරියෙක් අත් අඩංගුවට ගෙන ඇති බවත් ඉතිර සැකකරුවන් ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බවත් ආනන්ද විජේපාල වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මෙම කරුණ හරහා නැවත නැවතත් තහවුරු වෙන කාරණයක් වන්නේ ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් සහ එවක පක්ෂ විපක්ෂ දේශපාලන අධිකාරියේ සියලු දෙනා මෙම ප්‍රහාරය ගැන දැනසිටි බවයි. එසේම දැන් විපක්ෂය නියෝජනය කරන මුජිබර්ලා පාර්ලිමේන්තුව තුළ සිංහනාද පැවැත්වුවත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවක් නොකරන බව පැහැදිලි වෙමින් ඇත. මෙම ප්‍රහාරය සිදුවන සමයේ තිබුනේ ඔවුන්ගේ ආණ්ඩුවකි.

ජාතික ජන බලවේගය ආණ්ඩුවද බලයට පැමිණීමට පෙර මොන පොරොන්දුව දුන්නද දැන් එකතැන කැරකෙමින් සිටියි. උදාහරණයකට පිල්ලෙයාන් දැන සිටි කාරණාව ඊට ඉහළ දේශපාලන අධිකාරිය දැනසිටි බව හොදටම පැහැදිලි තත්ත්වයකදී ත් තවමත් ඔවුන්ට කිසිවක් කරගැනීමට නොහැකි වී තිබේ. වෙනකක් තබා ආරක්ෂක අංශවල සිටි මේ ප්‍රහාරය දැනසිටි ඔත්තු සේවා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිවක් කරගැනීමට නොහැකිවී සිටියි.

leave a reply