භව තණ්හා

ගිලන් යහනක ඔත්පලව වැතිරී
හුස්මක් යදින මොහොතක
අතීතය ඇවිදින්
ඇද ලඟින් බිම ඉඳන්
ඇණ තියාන

හූල්ලපු තැන්
හඬපු වැළපුණු තැන්ම
මඟදිගට පෙන්වද්දී
හිස අතගගා
පයින් පහරක් දෙමි
වැර යොදා
අතීතයට
විසිවී කැරකී වැටෙන්න

යළිත් හුස්මක් සොයමි
වාතලය පහුරුගා
පෙනහැල්ලෙන් අංශුවක් හෝ
පුරවන්න ඉඩ ඇති තැනක්

ඇත්නම් සසර යැයි යමක්
ඒ සසර කවදා කොහේ දී හෝ යළි
හමුනොවේවායි නුඹ
තිර සිතින් පතමි
මහ මඟක් බස් රියක
අහම්බෙන් හෝ දිනක
මේ අවසන් මොහොත
විය හැකි බැවින්

‘‘අදත් ඔයා වෙනුවෙන්
බෝධි පූජාවක්
උපදනා මතු හැම භවෙම
ඔබ මගේම වෙන්නැයි
පැතූයෙමි මම
මලක් පහනක් තැබූ හැම තැනම
ඔබ මා හැර දමා ගිය දා සිටම’’
වට්ස්ඇප් පණිවිඩයක්…

මම
දුරකථනය පොළොවේ ගසමි

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...