පැරණි බස් මුහුදේ ගිල්වීම පරිසර අධ්‍යනයකින් පසුව සිදුවෙන්නක්ද?

ගාල්ල ආශ්‍රිත මුහුදු සීමාව තුළ කෘත්‍රිම වාසස්ථාන ස්ථානගත කරමින් මත්ස්‍ය ගහනය වැඩිකිරීම වෙනුවෙන් සංවිධාන කළ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරුණා.

භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස්රථ 4ක බඳ ගාලු ධීවර වරායේ සිට නාවික සැතපුම් 4ක් දුරින් වූ ගැඹුරු මුහුදේ ගිල්වීම ඊයේ සිදු කෙරී තිබේ. බලධාරීන් පවසන්නේ මෙරට ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීම සහ මා දැල්වලට මත්ස්‍ය පැටවුන් හසුවීම වැළැක්වීම සඳහා කෘත්‍රිම වාසස්ථාන ස්ථානගත අරමුණ වන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීමේ සංකල්පය මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

නමුත් පරිසරවේදීන් පවසා සිටින්නේ නිසි පාරිසරික අධ්‍යනයක් හෝ බලපත්‍ර ලබාගැනීමකින් තොරව මෙම ක්‍රියාවලිය සිද්ධ වෙන බවයි. සිය facebook ගිණුමේ සටහනක් තබමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසා ඇත්තේ මෙවැනි ආකාරයෙන් බස් රථවල බඳ කොටස් මුහුදට බැහැර කිරීමට කුමන පරිසර ආයතනයක් අවසර දුන්නේද යන ප්‍රශ්නය මතුවන බවයි. එසේම එම ආයතන නිසි විද්‍යාත්මක පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් සිදුකර තිබෙන්නේද යන්න ඔහු ප්‍රශ්න කර සිටියි

දශක ගණනාවක් පාලනයකින් තොරව සාගරයට විවිධ ද්‍රව්‍ය බැහැර කිරීම නිසා සාගරවල සමහර ප්‍රදේශ හානිකර රසායනික ද්‍රවයවලින් දූෂණය වී ඇති බව ඔප්පු වී ඇති බවයි . පාලනයකින් තොරව සාගරයට විවිධ දේ බැහැර කිරීම හරහා සාගර ජලයේ ඔක්සිජන් මට්ටම දැඩි ලෙස පහළ යන බවද ඔහු පෙන්වා දී ඇත.

1950 – 1970 ගණන් වලදී එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් සාගරයට අපද්‍රව්‍ය පාලනයකින් තොරව බැහැර කිරීම ඇතුළුව සාගර පරිසරයට මානව ක්‍රියාකාරකම්වල පාරිසරික බලපෑම් පිළිබඳව වැඩි වැඩියෙන් සැලකිලිමත් වී තිබේ. මානව ක්‍රියාකාරකම්වලින් සාගරය ආරක්ෂා කිරීම සඳහා වූ පළමු ජාත්‍යන්තර ගිවිසුම්වලින් එකක් වන ලන්ඩන් සම්මුතිය ලෙස හැඳින්වෙන 1972 අපද්‍රව්‍ය හා වෙනත් ද්‍රවය බැහැර කිරීම හරහා සමුද්‍ර දූෂණය සිදුවීම වැළැක්වීමේ සම්මුතියට අනුව
“ලන්ඩන් සම්මුතියට අනුව යාත්‍රා, ගුවන් යානා , තෙල් හෝ ගෑස් ළිං කැණීමට හෝ නියාමනය කිරීමට හැකි මුහුදේ ගොඩනගා ඇති වේදිකා සහ වෙනත් මිනිසා විසින් සාදන ලද ව්‍යුහයන්ගෙන් සාගරය වෙත බැහැර කිරීම නොකළ යුතු බව සඳහන් කර තිබේ”

එසේම හේමන්ත විතානගේ පවසන්නේ මේ හරහා මත්ස්‍ය අභිජනනය සඳහා වස්ථාන නිර්මාණය විය හැකි වුවත් මත්ස්‍යන් සහ අනෙකුත් සාගර ජීවින් බැර ලෝහ වලින් දූෂණය වෙන බවයි.

බස් යනු නැව් වැනි බර භාණ්ඩයක් නොවන හෙටින් එය අධික සාගර ධාරා සමඟ පාවී ගොස් වැදගත් කොරල් පර විනාශ කළ හැකි බවද පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...