ආර්ථික යෝජනා ගැන අහපු රනිල්ට දුමින්දගෙන් උත්තරයක්

රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩනැංවීමට යෝජනා තිබෙනවාද අසන බවත් ඊට අවශ්‍ය යෝජනා අරගලය විසින් ඉදිරිපත් කර ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

පසුගිය 05වනදා කොළඹදී පැවති ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ පැවසුවේ IMF සහාය ලබා ගැනීමට විරුද්ධ වෙන උදවිය ආර්ථිකය අර්බුදය විසඳීමට අවශ්‍ය කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරන බවයි.

ඊයේ නුගේගොඩදී පැවති ගෝල්ෆේස් අරගලකරුවන්ගේ මර්දනයට එරෙහි ජන පෙළගැස්ම රැළිය අමතමින් දුමින්ද නාගමුව පැවසුවේ රාජපක්ෂලා ඇතුළු හැත්ත බුරුත්ත හොරා කාපු සල්ලි නැවත ලබාදෙන ලෙස අරගලකරුවන් පැවසුවේ ආර්ථිකය ගොඩනැංවීමට යෝජනාවක් ලෙස බවයි. නමුත් රනිල් වික්‍රමසිංහ පැමිණියේ එම හොරකම් වසන් කර රටේ ජනතාව තවදුරටත් ණයකරුවන් කිරීමට බවත් දුමින්ද නාගමුව පවසයි.

එසේම ලංකාවේ මසකට අපනයන ආදායම ඩොලර් බිලියනයක් වුවත් රට තුළට පැමිණෙන්නේ ඩොලර් මිලියන 200ක් පමණක් බව දුමින්ද නාගමුව පවසයි. එයට හේතුව අපනයන සමාගම් රටෙන් එළියේ ඩොලර් තැන්පත් කර ඇති බවද ඔහු මෙහදී පැවසීය.

දුමින්ද නාගමුව පැවසුවේ මේ අර්බුදයට උත්තර ඇති බවත් නමුත් පාලකයන් උත්තර හොයන්න සැරසෙන්නේ ජනතාව බිමට සමතලා කර බවයි. ප්‍රශ්නය ඇත්තේ එතන බවද ඔහු පැවසීය.

 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...