රනිල් ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ගැන වදවෙයි

ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති අපේක්ෂකයින්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහතික කිරීමට කමිටුවක් පත් කිරීමට ඉන් යෝජනා කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම, මෙම ආරක්‍ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවෙන් වැඩිදුරටත් යෝජනා කර ඇත.

පසුගිය දිනක ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ට්‍රම්ප්, මැතිවරණ රැළියක් අමතමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්විය. එම ප්‍රහාරය සැලසුම් සහගතව ඉදිරි මැතිවරණයකදී ඡන්ද වැඩිකර ගැනීමේ අරමුණ සහිතව කරන ලද්දක් යන අදහස කතා බහට ලක්විය. එම සිදුවීමත් සමඟ ලංකාවේ සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳ ඇතිවූ සංවාදවලදී පැවසුනේ රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයන් පවා තම ඡන්ද වැඩිකරගැනීමේ අරමුණ සහිතව මෙවැනි දේ සැලසුම් කිරීමට පසුබට නොවනු ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...