රනිල් ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ගැන වදවෙයි

ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති අපේක්ෂකයින්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහතික කිරීමට කමිටුවක් පත් කිරීමට ඉන් යෝජනා කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම, මෙම ආරක්‍ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවෙන් වැඩිදුරටත් යෝජනා කර ඇත.

පසුගිය දිනක ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ට්‍රම්ප්, මැතිවරණ රැළියක් අමතමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්විය. එම ප්‍රහාරය සැලසුම් සහගතව ඉදිරි මැතිවරණයකදී ඡන්ද වැඩිකර ගැනීමේ අරමුණ සහිතව කරන ලද්දක් යන අදහස කතා බහට ලක්විය. එම සිදුවීමත් සමඟ ලංකාවේ සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳ ඇතිවූ සංවාදවලදී පැවසුනේ රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයන් පවා තම ඡන්ද වැඩිකරගැනීමේ අරමුණ සහිතව මෙවැනි දේ සැලසුම් කිරීමට පසුබට නොවනු ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...

සාහිත්‍ය මාසයේ පුරාජේරු සහ තිත්ත ඇත්ත

සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ සාහිත්‍ය මාසය ලෙස. මේ...

සිංහරාජ අඩවියේ යෝශිත රාජපක්ෂ ගේ හෝටලයේ සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්ව.

යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටා ඇත්තේ ගොංගල කන්දේ නැගෙනහිර...

නව ව්‍යවස්ථාවක් ගෙන එනවනම් නීතිඥ සාලිය පීරිස්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? යන  තේමාව...