ජනාධිපතිට එරෙහි උතුරේ විරෝධතා තහනම් කරන ලෙස අධිකරණයට ඉල්ලීමක්

ජනාධිපතිවරයා මේ මස අග උතුරේ සංචාරයක නිරතවන අවස්ථාවේ විරෝධතා පැවැත්වීම තහනම් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

යාපනය පොලීසිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත් වරයා පොලීසිය විසින් නම් කර ඇති මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ ක්‍රියාධාරීන් පිරිසකට නියෝග කර ඇත්තේ අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බ්‍රහස්පතින්දා (30) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

 

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් විසින් අත්සන් තබා ඇති නියෝගයේ සදහන්ව ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත ඇති රැස්වීමට සහභාගි වන මොහොතේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ නායක සර්වානන්ද ශිවම් සශිකරන්, විරෝධතා කණ්ඩායමේ යාපනය දිස්ත්‍රික් නායක පෝන්රාජ් ප්‍රේම් ඩග්ලස් ප්‍රභාකරන්, අනියම් සෞඛ්‍ය නිලධාරී සංගමයේ නායිකා එස්. ජස්මින්, හඬක් නැතිවුන්ගේ හඬසංවිධානයේ නායක මුරුගයියා කෝමගන් යන අය විසින් විරෝධතා දියත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වී ඇතැයි යාපනය පොලිසියේ මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ජනවාරි 29 දා අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.

 

අධිකරණ නියෝගයේ සදහන් වන පරිදි 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 ( 1) ( 2) ( 3) වගන්ති යටතේ මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ එම විරෝධතා තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස යි.

 

අධිකරණය නියෝග කර ඇත්තේ පොලිසිය විසින් නම් කර ඇති ඉහත නම් සදහන් පස් දෙනාට ඔවුන්ගේ කරුණු දැක්වීම සදහා නීතිඥයන් මාර්ගයෙන් හෝ සෘජුව ජනවාරි 30 වැනි බ්‍රහස්පතින්දා උදේ 9.30 ට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

 

ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමට ජනවාරි 31 දා සහභාගී විමට නියමිතව ඇත.

 

මේ අතර උතුරේ ඇතැම් පාර්ශව ජනාධිපතිවරයා ගේ උතුරේ සංචාරයට සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය දක්වමින් සිටියි. එහිදී ඔවුන් පවසන්නේ මැතිවරණයට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම වැනි පොරොන්දු ලබාදී ඒවා ඉටු කිරීම අමතකකර ඇති ජනාධිපතිවරයාට උතුරේ සංචාරය කිරීමට සදාචාරමය අයිතියක් නොමැති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...