හිමාලි අරුණතිලක කිසිදු වංචාවක් සිදුකරලා නැහැ – ඇමති විජිත

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත් පැවසීම සම්බන්ධයෙන් කතා බහක් මතුව තිබේ.

එයට හේතුව මෙම චෝදනා සම්බන්ධයෙන් හිමාලි කරුණාතිලක ත එරෙහිව පැවරූ නඩුව කින් පසු අය එම චෝදනාවලට වරදකරුවෙකු කර තිබීම නිසයි. එය තීරණය කර ඇත්තේ වෙනත් රටක අධිකරණයක් විසින් වීම නිසා එය රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් දක්වා දුරදිග යා හැකි බවට මත පලවා තිබේ .

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා තිබුණේ, සේවිකාවකට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇය කිසිදු වංචාවක් සිදුකර නොමැති බවයි.

හිමාලි අරුණාතිලක මේ වනවිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරන අතර ඇය රට වෙනුවෙන් අදටත් සේවය කරමින් සිටින බව ද අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.

ඇය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කරමින් සිටිය දී මෙරට සේවිකාවකට නිසි ලෙස වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කෙරිනි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇය කිසිදු පෞද්ගලික වංචාවක් සිදුකර නොමැති අතර රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයින් සඳහා සේවයේ නිරත අයට වැටුප් ගෙවනු ලබන්නේ ලංකා ආණ්ඩුවෙන් බවයි.

එනිසා හිමාලි අරුණාතිලක මුහුණදුන් අපහසුතාවය පිළිබඳ රජයක් ලෙස තමා කනගාටුවන බව ද මෙම ගැටලුව ලංකාවේ වැටුප් තල අඩු මට්ටමේ පැවතීම හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වයක් වන බවත් ඒ සම්බන්ධයෙන් විදෙස් අමාත්‍යාංශය හා රජය ඉදිරියේ දී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා තිබේ.

“තානාපතිවරයෙක් හෝ තානාපතිවරියක්, මහ කොමසාරිවරියක් රැගෙන යන සේවකයින්ට වැටුප් ගෙවන්නේ ලංකාවේ ආණ්ඩුවෙන්. ලංකාවේ ආණ්ඩුවේ වැටුප් තලය ඇත්තටම ගත්තොත් ලංකාවේ ආර්ථිකයට ගැලපෙන ප්‍රමාණයක් තමා අපි ගෙවන්නේ. විශේෂයෙන්ම ඒ ප්‍රමාණය යුරෝපයේ ඔස්ට්‍රේලියාවේ වැනි රටවල වැටුප් තලවලට වඩා අඩුයි. ප්‍රශ්නේ මතුවෙන්නේ ඒකත් එක්ක. එතුමි පුද්ගලිකව ඒ ලබාදුන් සේවකයින්ට වැටුප් ගෙවන්නේ ලංකාවේ ආණ්ඩුව. ඒක ඔස්ට්‍රේලියාවේ වැටුප් තලවලට වඩා අඩුයි. ඒ සමග තමයි ඇයට විරුද්ධව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව නීතිමය පියවර අරගෙන තිබුණේ. ඒක එතුමිය පෞද්ගලිකව මුහුණදුන්නා වගේම විවිධ රටවලට රාජ්‍ය තාන්ත්‍රික වැඩවලට යන බොහෝදෙනෙක් මුහුණදෙන ගැටලුවක්. මෙහිදී මම බොහෝම පැහැදිලිව කියන්න කැමතියි හිමාලි අරුණාතිලක මහත්මිය කිසිදු වංචාවක්, හොරකමක් කරලා නෑ. නමුත් එහෙ රටේ නීතියට අනුව තමයි ඔය නීතිමය තීන්දුව උසාවිය දීලා තියෙන්නේ. අපි මේ ගැන රජයක් විදියට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු කාරණයක්. අප්‍රිකානු රටවල වැඩකරද්දි ඕකේ අනිත් පැත්ත. ඕක තමා ඇත්ත කතාව.”

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...