පාරිසරික හානිය නිසා තහනම් වූ කටුපොල් වවන්න රවී පෙරමුණ ගන්නවලු

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහ බැංකුව මංකොල්ල කෑම පිළිබඳ චෝදනා ලැබූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

හිටපු අමාත්‍යවරයා එම අදහස් පළ කලේ කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබුණි.

එය සංවිධානය කර තිබුණේ හරිත දෙරණ කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන්ගේ සංගමය නම් සංගමයක් විසිනි.

ඒ අනුව ඉදිරියේදී සියලු දෙනාගේ සහයෝගය ඇතිව රජයේ සහ මාධ්‍යයේ සහයද ලබාගෙන වාණිජ භෝගයක් ලෙස කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා බව රවී කරුණානායක අවධාරණය කර තිබේ.

කටු පොල් වගාකිරීම තහනම් කරනු ලැබුවේ ඒ හේතුවෙන් මතුවෙමින් පැවති විශාල පාරිසරික හානිය පිළිබඳ විවිධ පරිසර සංවිධාන ගෙනගිය අරගලයක ප්‍රතිපලයක් වශයෙනි. පරිසරයට මෙන්ම එම වගාවන් මිනිස් ශරීරයටද අහිතකර බව අනාවරණය කෙරිණි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...