වන ජීවිය යටතේ තිබූ මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සැක සහිතයි – පරිසරවේදීන්

මුතුරාජවෙල අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සැකයක් මතුවන බව පරිසරවේදීන් චෝදනා කරයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ” ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවත් ඉදිරියේදී එය දෙස් විදෙස් සංචාරක ආකර්ශනීය පරිසර පද්ධතියක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්ය.

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී නීතිඥ අචාර්ය ජගත් ගුණවර්ධන පවසා ඇත්තේ අභය භූමියක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවතිය යුතු බවත් එය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම පිළිගත නොහැකි බවයි.

තවද අභය භූමියක් යනු ස්වභාවික පරිසර පද්ධතියක් වන අතර එය සංවර්ධනය කරන බව කීම පිළිබඳ සැකයක් මතුවන බවයි.

“මේක සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි සංවර්ධනය කරනවා කියන්නෙ මුතුරාජවෙල ඇතුළේ හෝටල් හදන එකද, එහෙම නැත්තම් වෙනත් කෘත්‍රිම සංවර්ධනයක්ද කියලා අපි දන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන නිවැරදි පැහැදිලි කිරීමක් කළ යුතුයි.” ආචාර්ය ජගත් ගුණවර්ධන පවසා තිබේ.

අභය භූමියක් යනු කුමක්දැයි පැහැදිලි කරමින් ජගත් ගුණවර්ධන පවසා ඇත්තේ,

” ගොඩක් අය දන්නෙ නෑ, අභය භූමියකට සාමාන්‍ය ජනතාවට ඇතුළු වෙන්න පුළුවන් නොමිලේ. ගන්න බැහැ. ඒත් සංචාරකයන් ඉලක්ක කරගෙන මුදල් ඉපයීමේ ස්ථානයක් බවට මුතුරාජවෙල පත් කළොත් ඒක තවදුරටත් අභය භූමියක් වෙන්නෙ නැහැ. ඒ නිසා මේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුයි.”

මව්බිම ඇසුරිණි

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...