ලංකාව තුළ සිදුවූ 14වන කොරෝනා මරණය වාර්තා වේ

ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් -19 මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වී තිබේ.

එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව රෝහල් බලධාරීන් පැවසීය.

ඇය පසුගිය 17 වැනිදා වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර තිබුණි. එම කාන්තාව දියවැඩියා රෝගියෙක් බව ද සෞඛ්‍ය අංශ පවසති.

මේ වනවිට රටතුළදී සිදුව ඇති රෝගී මරණ 14ක් වාර්තාවන අතර කෝරෝනා රෝගය නිසා මියගිය බවට නිල වශයෙන් සනාථ වූ විදේශගත ලාංකිකයන් සංඛ්‍යාව 65කි.

නව ආසාදිතයින් 50 දෙනෙක් අද (22) සවස් වනවිට හමුවීමත් සමග මෙරට දී හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 6000 ඉක්මවා ගොස් තිබේ. පසුගිය දින 9ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙරට අවසන් කොරෝනා ආසාදිතයින් 1000 වාර්තා වීම සුවිශේෂි වේ.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...