ලංකාව තුළ සිදුවූ 14වන කොරෝනා මරණය වාර්තා වේ

ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් -19 මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වී තිබේ.

එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව රෝහල් බලධාරීන් පැවසීය.

ඇය පසුගිය 17 වැනිදා වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර තිබුණි. එම කාන්තාව දියවැඩියා රෝගියෙක් බව ද සෞඛ්‍ය අංශ පවසති.

මේ වනවිට රටතුළදී සිදුව ඇති රෝගී මරණ 14ක් වාර්තාවන අතර කෝරෝනා රෝගය නිසා මියගිය බවට නිල වශයෙන් සනාථ වූ විදේශගත ලාංකිකයන් සංඛ්‍යාව 65කි.

නව ආසාදිතයින් 50 දෙනෙක් අද (22) සවස් වනවිට හමුවීමත් සමග මෙරට දී හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 6000 ඉක්මවා ගොස් තිබේ. පසුගිය දින 9ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙරට අවසන් කොරෝනා ආසාදිතයින් 1000 වාර්තා වීම සුවිශේෂි වේ.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...