Breaking News

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවකයන් 600ක් මාරු කරන්නෙ එම ආයතනය පෞද්ගලිකරණය කරන්න – දුමින්ද නාගමුව

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් 600ක පිරිසක් ජනපති නියමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් කරනු ලබන්නේ එම දෙපාර්තමේන්තුව කොටස්කර විකිණීමේ සැලසුමකට අනුව බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළේය. එහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් ඔහු මෙසේ පැවසීය.

” ආණ්ඩුව කියන්නේ මේ ආයතනය තුල විශාල වංචා දූෂණ සිද්ධ වෙනවා ඒක නිසා තමයි මේ මාරුවීම් කරන්නේ කියලා. මේ අරමුණ ඉස්සරට දාලා ආණ්ඩුව කරන්න හදන්නේ මේ ආයතනය කොටස් වශයෙන් විකුන්නයි. මේ ආයතනයටම බදව ගත්ත සේවකයන් 400ක් ඉන්නවා සංවර්ධන සහකාර නිලධාරීන් ලෙස අවුරදු 05න් 05හට මාරවීම් කළ හැකි සේවකයන් 460 ක් ඉන්නවා. මේ සියලුම දෙනා වෙනුවෙන් තමයි මේ තීරණය අරන් තියෙන්නේ.

මේ ආණ්ඩුව කියන විදියට වංචා දූෂණ පැන නැගිලා තියෙන එකම ආයතනය මේක විකරක් නෙමෙයි. මේ ආයතනවල සිදුවන වංචා දූෂන සම්බන්ධයෙන් පැහැදිලිවම මේ ආයතනවල පුධානීන් සහ දේශපාලන අධිකාරිය සම්බන්ධයි.මේකෙන් ප්‍රශ්න කිරීමට ලක්වෙලා තායෙන්නේ ඔවුන් නෙවෙයි. මේකෙ ඉන්න සේවකයො ටික විතරයි. ඔවුන්ගෙන් දැන් ඔවුන්ගේ හිතවතුන් ප්‍රශ්න කරයි ඔයත් මේ හොරකම්වලට සම්බන්ධද කියලා. එතකොට මොනවද දෙන උත්තර.

ආණ්ඩුව හැම වැඩක්ම කරන්නේ මෙහෙම තමයි. උදාහරණයක් විදියට මත්කුඩු සම්බන්ධයෙන් විරෝධයක් හදනවා පස්සේ එක තමන්ගේ බල උවමනාවන් වලට පාවිච්චි කරනවා. පස්සෙ කරන්නේ බන්ධනාගාර ඇතුලේ තමන්ට මරන්න ඕන අය ඉන්නවනම් මරණවා. බන්ධනාගාර මේච්චල් කිරීම සදහා පාවිච්චි කරනවා තමන්ට හික්මව ගන්න බැරි අය ඉන්නවා නම් ඔවුන් පාරේ ඝාතනය කරනවා මේක තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.

මේ කරන්න යන්නෙත් ඒක තමයි ඉස්සර වෙලා ලේබල් එක ගහනවා හොරු කියලා. ඊට පස්සෙ සෙවයෝ 600 විරෝධයට ආවහම කියනවා. මේ ඉන්න හොරු මේක කරන්න දෙන්නේ නැහැ කියලා ජනතාවට කියනවා මේකට හොදම වැඩේ පෞද්ගලීකරණය කිරීමයි කියලා. ඒක තමයි මේ පිටපතේ තියෙන්නේ මේ පිටපතේ කොසක් විදියටදැයි පසුගියදා ජනාධිපතිවරයා එම දෙපාර්තමේන්තුවට ගියේ කියලා අපි ප්‍රශ්න කරනවා. අපි පැහැදිලිව කියනවා මේ එන්නේ කොටස්කර විකුණන එකේ සැලැස්ම තමයි කියලා.

2009 සිට 2016 දක්වා මෙම දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍රය ගහන්නේ මෙට්රෝ පොලිටන් කියන පෞද්ගලික ආයතනය ඒක 2016 ඉදලා මේ දක්වා අවුරුද්දෙන් අවුරුද්ද දික් කරමින් තමයි යන්නේ. මේක දැන් හමුදාවට මරු කරනවා කියලා කියනවා.

මේ ආයතනයේ නම්බර් ප්ලේට් එක දෙන්නෙත් මේ ආයතනයෙන් නෙවි ඇක්සස් කම්පැනියකින් ඒ කම්පැණියත් එක්ක දෙපාර්තමේන්තුව අත්සන් කරලා තියෙන ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ ඩොලර් වලින් ඩොලරය වැඩි වෙන කොට ගෙවන්න තියෙන ගානත් වැඩි වෙනවා. ඒකත් පෞද්ගලීකරණය කරලා තියෙන්නේ ඉතාම පැහැදිලියි.

මේ සියලු සැලසුම් පිටිපස්සේ ඊ මොටරින් කියලා එකක් ගෙනත් තියෙනවා. මේ ක්‍රමයෙන් වෙන්නේ මුලින්ම හමුදාවට ඊට පස්සේ දෙන්නේ පෞද්ගලික අංශයටද කියලා අපි අහනවා. පැහැදිලිවම ඊ මෝටරින් කියන සංකල්පය මෙම දෙපාර්තමේන්තුවට හදුන්වා දී තිබෙනවා. ඊ මෝටරින් කියන්නේ දැනට වාහන ලියාපදිංවි කිරීම සදහා දෙපාර්තමේන්තුව විසින් ගෙන යන ක්‍රමය පෞද්ගලික අංශය වන මෙට්ට්‍රෝ පොලිටන් ආයතනයට ලබා දීමයි.”

leave a reply