මෝදීගේ සංචාරයට සාපේක්ෂව කච්චතිව් දුපත ගැන සංවාදය යළි කරලියට

ඉන්දීය අගමැතිවරයා ලංකාවේ සංචාරය කිරීමට සාපේක්ෂව කච්චතිව් සම්බන්ධ සංවාදයක් දකුණු ඉන්දියාව තුළ මතුව තිබේ. කච්චතිව් දූපත් නැවත ලබාගැනීම නරේන්ද්‍ර මෝදී පසුගිය මැතිවරණයේදී දකුණු ඉන්දීය ජනතාවගේ ඡන්ද ලබාගැනීම අරමුණු කරගෙන ලබාදුන් පොරොන්දුවකි.

තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම කච්චතිව් නැවත ලබාගැනීම බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් අවධාරණය කර තිබේ.

කච්චතිව් දූපත සම්බන්ධයෙන් රජයේ යෝජනාවලියක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරය විසින් රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වේ.

ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම වහා සමාලෝචනය කර කච්චතිව් නැවත ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා අදාළ යෝජනාව මගින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා රජය රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස්කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා කළ යුතු බවද ඔහු සඳහන් කර තිබුණි.

මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා පවසා අත්තේ, තමිල්නාඩු ජනතාවට අතිශයෙන් වැදගත් යෝජනාවක් වන මෙම යෝජනාව ඒකමතිකව සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...