කලකදී වහ කලකදී රහ වීම

Date:

අද වාර්තාවූ පුවත් අතර විශේෂ අවධානයක් දිනාගත් විශේෂ පුවතක් ලෙස පැවතියේ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සේවයෙන් ඉවත්වීම සහ ජනාධිපතිවරයා ඔහුගේ සේවය ඇගයීමයි.

ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී පවසා තිබේ.

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ වසර 03ක සේවා කාලය තම වෘත්තීය ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක් බවත් රටෙහි පාලනයේ වෙනසක් සිදු වුවද තමා කෙරෙහි විශ්වාසය තබමින් අඛණ්ඩව එම ධුරයේ රඳවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව මහින්ද සිරිවර්ධන ජනාධිපතිවරයාට ස්තූතිය පළකර තිබේ.

රනිල් වික්‍රමසිංහ සමයේ මැතිවරණ පැවැත්වීම කල් දමමින් සිටින මොහොතේ ඒ සඳහා සහය දක්වන බවට මහින්ද සිරිවර්ධනට එවක ජාතික ජන බලවේගය චෝදනා කරන ලදී. එහිදී අනුර කුමාර දිසානායක සිදුකළ කතාවකදී පැවසුවේ භාණ්ඩාගාර ලේකම් මුදල් ලබා නොදුනහොත් තමන්ගේ ආණ්ඩුවක් යටතේ වසර 3ක් හිරේ සිටීමට සිදුවන බවයි.

එසේම මහින්ද සිරිවර්ධන විසින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වැට් බදු වැඩිකිරීමට සූදානම් වන මොහොතේ එය සාධාරණියකරණය කරමින් පැවසුවේ එසේ නොකළොත් ඉදිරියට යා නොහැකි බවයි.

ඊට අමතරව විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් ජනතාවට බර පැටවීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට උපරිම සහය ලබා දුන්නේ මහින්ද සිරිවර්ධන සහ නනදලාල් වීරසිංහයි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...