පාලම් තනන්නෝ හරි අපූරු සත්ව විශේෂයකි. ඔවුන් ඉවරු දෙකක් එකට එක් කරයි. ඒ විතරක් නෙවි ඉවූරු දෙකේ අසමානතා සමනය කරමින්, ඉවසමින් දෙගොඩම එක ගොඩක් කරන්න වෙහෙසෙයි. ඩොමිනික් ජීවා යනු ලාංකීය සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ එවැනි පාලම් තැනූ මිනිසෙකි. දමිළ සහ සිංහළ සමාජය හරහා සාහිත්‍ය පාලමක් තනන්නට අමාරු උත්සහයක් කළේය. ඉවුරු දෙකේම මිනිසුන් පාලම් අවැසි නැතැයි ආඩම්බර වහසි බස් දොඩවමින් සිටින යුගයක නිහඩවම සාහිත්‍ය පාලමක් තැනූ මිනිසා පසුගියදා දිවිසැරිය නිමකළේය.
1960 දී පමණ දමිළ බසින් සාහිත්‍ය ලෝකයට පිවිසෙන ඩොමිනික් ජීවා, සිංහල සාහිත්‍ය කෘති දමිල සාහිත්‍ය ලෝකයට හදුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ඩොමිනික්ය. මල්ලිකෙයි නොහොත් පිච්චමල නමින් ඔහු විසින් සංස්කරණය කරන ලද සගරාවට සිංහල ලේඛකයින් සහ කෘති හදුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් කළේය.
ඩොමිනික් ජීවිතය පටන්ගත්තේ කාරණවෑමියෙකු ලෙසයි. කොන්ඩේ කපන රස්සාව අතරතුර ඔහු තන්නිරුම් කන්නිරුම් ( වතුර සහ කදුළු ) කෙටිකථා සංග්‍රහය ලියනවා. ඊට පසුව එයට හොදම දමිල කෙටිකතාව ලෙසට1961 දී සම්මාන ලැබෙනවා එතැන් පටන් වසර පණහක් පමණ දමිළ සාහිත්‍යට මෙන්ම දමිළ දේශපාලන සමාජයට කරන ලද සේවය එම ප්‍රජාවේ ඇකඩමික් බුද්ධිමතුන් පරදවනවා.
‘ බාබර් සාප්පුව තමයි මගේ විශ්වවිද්‍යාලය’
තමාගේ අතීතය ගැන ඩොමිනික් කියන්නේ එහෙමයි.
ඩොමිනික් කියන්නේ හුදු සාහිත්‍ය කරුවෙක් පමණක් නොවේ. සාහිත්‍ය ලෝකයේ මවන ලෝකය තමන් උපන් බිමේ සැබෑවක් කරන්න අරගල කළ දේශපාලකයෙක්. ඔහුගේ දේශපාලනය පටන්ගන්නේ කොමිනිස්ට් පක්ෂයෙන්. පක්ෂයේ වෘතිය සමිති ව්‍යාපාරයේ ලේඛකකයෙක් සහ චතුර කථිකයෙක් වන ඔහු කුළ පීඩනයට එරෙහිව හඩනැගූ සහ ලියූ මානව හිතවාදී දේශපාලකයෙකු උනා.
උතුරේ යුද්ධය තීවුර වූ අවදියේ ජීවිත තර්ජන ඔහු සොයා ආව.
‘ලිවීම නවත්තපන්…..නැතිනම තුවක්කු කට කථා කරයි’
ඩොමිනික් ට තර්ජන ආවේ එලෙසයි. එහෙත් ඔහු නැවතුනේ නෑ. උතුරෙන් කොළබට පැමිණ තමාගේ ලේඛකන කාර්ය දිගටම කරගෙන ගියා.
සිංහල සාහිත්‍ය සමාජයට හෝ දේශපාලනයට ඩොමිනික්ව හරියට අහුඋනේ නෑ. උජාරුභාවය දොරේ ගලාගිය සමාජයට ඩොමිනික්ගේ මරණය ලොකු දෙයක් උනේ නෑ. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ දූපත් ඇතුලේ දොරගුළු වහගෙන ජයකෙහෙලි නංවන්නට මිසක් පාලම් හදල ලෝකෙ එක්ක එකතු වෙලා හුදකලා බවින් මිදෙන්න නෙවේ.
ඩොමිනික් ජීවා – පාලම් ප්‍රතික්ෂේප කල ඉවුරු දෙකක් හරහා සාහිත්‍ය පාලමක් තනන්නට වසර 94 ක්ම වෙහෙස වී නික්ම යන මිනිසාට දූපතේ පාලම් විශ්වාස කරන මිනිසුන්ගේ ආචාරය.