Breaking News

වැන්දඹුවන්ගේ නගරය‘‘ වෘරුන්දාවන් ” The widows city of Vrindavan

උපාලි ජයසිංහ

ආගමික සංස්ථාවක් විසින් පොෂණය කර හසුරවනු ලැබූ එක් සමාඡ කණ්ඩායමක් ඉන්දීය ගැහැණියගේ ලිංගික ඡිවිතය උදුරා ගනු ලැබූහ.

එය සුඛාන්තයෙන් පටන් ගෙන දුඛාන්තයෙන් අවසන් වන වෙිදිකා නාට්‍යයක් වැන්න අරුමය වන්නේ එය මෙි මොහොතේත් යථාර්ථයක්ව පවතින නිසාය එකී භූමිකාව රග දක්වන්නේ ඉන්දියාවෙි හිංදු ආගමික වැන්දඹුවන්ය.
සිය නීත්‍යානුකුල පුරුෂයා සදහටම අහිමි ගැහැණියකට සිය සිතැගි පරිදි ලිංගිකව එක්වීමෙි අවකාශය අහිමිද ? ප්‍රශ්න කල යුත්තේ එයයි එසේ අහිමිකල හැකි නමි ඔවුහු මොන ඡාතියේ මිනිසුන්ද ?

ඉංදියාවෙි හිංදු ධර්මය අදහන ගැහැණියකට සිය පුරුෂයා මිය ගිය පසු තවෙකෙකු හා ලිංගිකව එක්වීම තහනමිය. දැඩි හිංදුවරු එය නීතියක් සේ සළකත්. අනතුරුව ඔවුන්ට සිය දේශපාලන කැමත්ත ප්‍රකාශ කිරීමෙි ඡන්ද අයිතිය පවා අහිමිවෙි. මක් නිසාද මෙකී වැන්දඹුවන් බහුතරයක් ඡන්ද දායකයන් ලෙස සැමියාගේ මරණයෙන් පසු ලියා පදිංචි වී නොමැත. සැමියා මිය ගිය භාර්යාව මියගිය සැමියාගේ චිතකයටම පැන සිය දවි නසාගැනීමෙි මිලේචිඡ ක්‍රමය ඉංදියානු රඡයට මැදිහත්ව නවතා දැමීමට සිදුවුයේ හිංදු වැන්දඹුවට ඇති ඔවුනගේ ආදරයක් නිසා නොවෙි. ඡාත්‍යණ්තරව එල්ල වු ප්‍රබල පීඩණය නිසාය.

මේ කාන්තාවන් කවුද?
මොවුන් බොහෝ විට වයස අවුරුදු දෙගුණයක පිරිමින් සමඟ විවාහ වූ කාන්තාවන්ය, සැමියා මිය ගිය පසු මෙම කාන්තාවන්ගේ සියලු බලාපොරොත්තු
සමිපුර්ණයෙන් සුන් කර ඔවුන්ගේ දරුවන්ද සමාජයද , නින්දාවට හා වේදනාවට ලක්කරති. ඔවුන්ට. ආහාර හිඟාකෑමට සලස්වා හිතුමතේට පහර දී ඔවුන්ට වෘන්දාවන් බලා පිටත්ව යන ලෙස බලකර සිටිති ඉදින් සියලු ආශාවෝ අත්හැර ඇය සිය ශරීර කුඩුවද රැගෙන ඇවිදිමින් වැන්දඹුවන්ගේ නගරයක් සොයා ඉංදියාව පුරා ගමන් අරඹයි. වැන්දඹුවන්ගේ නගර ඉංදියාව තුල බොහෝ ඇතත් විරින්දාවන් සුප්‍රසිද්ධය. වැන්දඹුවන් 20,000 ට අධික සංඛ්‍යාවක් එහි ආරාම හෝ අමිබලමි තුල කල්ගෙවති එහි ක්‍රිෂ්ණා දෙවිදුට සිය මරණය දක්වා යාඥා කරමින් ඔවුනට යන්තන් කුස ගිනි නවා ගැනීමට පහසුකමි ඇත. නමුත්, ඇයි වෘන්දවන් පමණක්?

එය සිත්ගන්නාසුළු වන්නේ මෙහිදීය.
එය ක්‍රිෂ්ණා දෙවියන් උපන් නගරයයි. ශ්‍රීමද් භගවතම්ට අනුව, ක්‍රිෂ්ණාට භාර්යාවන් 16,108 ක් සිටින බව විශ්වාස කෙරේ, ඉන් 8 දෙනෙක් අග්‍ර භාර්යාවන් වූ අතර 16,100 කනිෂ්ඨ භාර්යාවන් වූහ.පුරාවෘත්තයකට අනුව, වරක් ක්‍රිෂ්ණා නරකාසුර නම් යක්ෂයෙකු පරාජය කර ඔහුගේ වහල්භාවයෙන් කාන්තාවන් 16,100 ක් නිදහස් කළේය නමුදු. ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සහ පවුල් ඔවුන්ව නැවත භාර ගැනීම ප්‍රතික්ෂේප කළේ ඔවුන් යක්‍ෂයෙකු සමග එකතුවී අපවිත්‍ර වී සිටි බැවිනි.එබැවින් ඔවුන් ක්‍රිෂ්ණා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ වෙනත් කිසිවෙකු ඔවුන්ව විවාහ කර නොගන්නා බැවින් ඔවුන් පිළිගන්නා ලෙසත් ඔහු ඔවුන්ව පිළිගන්නේ නැත්නම් සියල්ලන්ම සියදිවි නසා ගන්නා බවත්ය ගැටලුවෙි මුලටම සිරවී සිටි ශ්‍රී ක්‍රිෂ්ණා සියලු කාන්තාවන් තම භාර්යාවන් ලෙස පිළිගත්තේ ඔවුන්ට ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට සහ කිසිවෙකු ඔවුන්ට සමච්චල් කිරීමට එඩිතර නොවන පරිදි ය. ඒ ක්‍රිෂ්නා සිටින්නේ මෙි මොහොතේ වෘන්දාවන් දෙවොලේය.

ඔවුහු නගරයේ විවිධ ප්‍රදේශවල සිඟමන් යදින අයුරු පහසුවෙන් හඳුනාගත හැකිය. ප්‍රදේශවාසීන්ගේ වෛරය සහ අකමැත්ත ඔවුන්ට එරෙහිව මනාව පැහැදිලි වන අතර ඔවුන්ට සහය වීමට එන එකම පිරිස සංචාරකයින් සහ වන්දනාකරුවන් පමණකි ‘ආත්මිය’ පිනක් පතා ඔවුහු ඔවුන්ට උපකාර කරති.

සුදු හැඳගත් මෙි කාන්තාවන් එක් බත් වෙිලක් සදහා, පන්සල්වල සහ ආශ්‍රමවල නිර්දය ලෙස, සමහර විට පැය 7-8 ක් අඛණ්ඩව භජන් ගී ගායනා කරති.ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සදහා ඔවුනට ගෙවීමක් කිරීමට නීති සකස්කලද පැය 7 ක ගායනයකට එක් වැන්දඹුවකට ලැබෙන්නේ තවමත් රු 150 වැනි තිගැස්සෙන සුලු සොචිචමි මුදලකි.

ඉදින් මෙි ගැහැනු මැරෙනතුරා එක් බතක් හා වතුර වැනි හොද්දක් ගිලදමා මරණය තමාවෙත එනතුරු සිය ආශාවන් පාලනය කර ගනිමින් පොදු සමාඡයෙන් පිටමංව ඡිවත් වෙති. සමහර වැන්දඹු නිවාස පාලනය කරන හිමිකරුවන් ඔවුන්ව රහසිගත ලෙස ගණිකා සේවයේ යොදවා මුදල් හමිබ කරති. Water චිත්‍රපටියෙන් දීපා මෙිතා ඉදිරිපත්කලේ කිසිවෙකුට නොපෙණෙන මෙි ලිංගික සූරා කෑමය.

සමහරු මෙහි පැමීණ සිටින්නේ සිය වයස 17 දී පමණය. දැන් ඔවුන්ගේ වයස අවුරැදු 90 ද ඉක්මවා සිටී. පුංචි කුටියක ගැහැනුන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකු ඡිවත් වෙති එසේ නැතිනමි විශාල වැරන්ඩාවල කණ්ඩායමි ලෙස ඡිවත් වෙති. මෙි කිසිවෙකු මෙහි පැමිණි පසු සිය පවුල් වෙත කිසිදා නොයති. අමානුෂික සිරිතකට යටත්ව මනුෂ්‍යත්වය හැරදැමූ ඔවුහු බැලීමට පෙරළා යන්නේ කවරෙක්ද ?. ඔවුනට සියලු උත්සව තහනමිය. නමුදු හෝලි උත්සවයට අවතීර්ණ වීම සදහා මෙි ළගදී ඉංදියානු සමාඡය ඔවුනට අවසර දුන්නෝය.

මෙි සියල්ල ඉංදියානු පසුගාමී සිරිත් විරිත් ආගම හා ඉංදියානු පුරුෂමුලික සමාඡය විසින් ගොඩ නැගූ අසාධාරණ ක්‍රියාදාමයන්හි දිගුවක් හා නුගත් බව සතර අතේ සමාඡය ආක්‍රමණය කර ඇති ඉංදියාවක අනවාර්ය වු ප්‍රතිඵලයකි .හිංදු ආගමෙි පුඡකයන් නිර්මාණයකල ආගමිවාදී බෙිගලයකින් ඉංදීයාවෙි කිසිවක් කරකියා ගත නොහැකි අසරන දුගී ගැහැණිය බෙල්ලටම සිරකර තබා ගැනීමට හැකිවන්නේ ඔන්න ඔහොමය. මෙයට මුහුණදෙන්නේ හිංදු වුවත් ස්වාමියා මිය ගිය ධනපති ගැහැනිය නොවෙි. ස්වාමියා මිය ගිය නිර්ධන පන්තියේ හිංදු ගැහැණියයි. එයයි මෙහි ඇති ඛෙිදවාචකය.
මෙිකී සමිපුර්න ක්‍රියාදාමයම කිසිවක් කරකියා ගත නොහැකි ඉංදියානු. වැන්දඹුවගේ මිනිස් අයිතිවාසිකමි උල්ලංඝනය කිරීමක් බව නොතේරෙන්නේ ඉංදිය නිර්ධන පංතියේ එකී වැන්දඹුවටම පමණි. පුරුෂ මුලික හිංදු දුගී සමාඡයක ඇය අන්ත අසරණය. එසේ වුව ඇය ඊට එරෙහි නොවන තාක් සියලු දුගී වැන්දඹුවෝ ඔවුන්ගේ සියලු කායික ආශාවෝ යටපත් කොට මෙසේ නිහඩවම සිය ඡිවිතය මරණය තෙක් ගෙවා දැමිය යුතුය. ඊට සුදානමි විය යුතුය විස්මය වන්නේ. කාරණාවට උත්තරය ඇය අත ඇති විටය.

leave a reply