දුරකථන ජාල පහසුකම් සපයන සමාගම් විසින් ණය පහසුකම් ලෙස ලබාදෙන සොච්චම් මුදලට අසාධාරණ පොලී මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට අද(10) YOUTH FOR CHEnge සංවිධානය නියෝජනය කරමින් එහි සංවිධායක ලේකම් ලහිරු වීරසේකර පැමිණිල්ලක් භාර දෙනු ලැබීය.
ණය පහසුකම් ලබාදෙන සමාගම් මෙසේ ලබාදෙන ණය මුදල් වෙනුවෙන් දිනපතා ණය පොලි අයකරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලහිරු වීරසේකර ප්‍රකාශ කර සිටියා.
මෙම සමාගම් විසින් රු 100ක reload ණයකට පොලිය 17% – 20% දැවැන්ත පොලියක් අයකරන බවත් ක්‍රියාවලිය ආරම්භ කරපු මුල් කාලයේ දී සේවා දායකයන්ගෙන් ණය වෙනුවෙන් පොලී අය කරන බවක් ප්‍රකාශ නොකළද දැන් ඒවා සීයට තුන්සියයක දක්වා දැවැන්ත පොලී මුදලක් ලෙස පරිවර්තනය වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.