සුමන්තිරන්, මනෝ ගනේෂන් සහ හකීම්ලා නව සන්ධානයක්?

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා දෙමළ සහ මුස්ලිම් පක්ෂ කිහිපයක් එක්ව නව සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් සාකච්ඡා
ආරම්භ කර තිබේ.

ඒ අනුව අදාළ සාකච්ඡාවල දෙවන අදියරේ සාකච්ඡා අද (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණි.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ සුමන්තිරන් යන හිටපු මන්ත්‍රීවරුන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

මෙහි පළමු වටයේ සාකච්ඡා පසුගිය සතියේ පැවති අතර එහිදී ඉදිරි මැතිවරණවල දී දෙමළ මුස්ලිම් පක්ෂ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණි.

කෙසේ වෙතත් මෙහිදී නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවද වාර්තා විය.

මේ වන විටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමගි ජන බලවේගය පක්ෂයේ හවුල්කරුවන් වන අතර දෙමළ ජාතික සන්ධානය ද ඊට එක්කර ගැනීම පිළිබදව ද එහිදී අදහස් පළ ව තිබේ.

කෙසේ වෙතත් පසුගිය දා පැවති ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සහාය සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට හිමිවිය.

මෙවැනි තත්ත්වයක් තුළ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව තරග කළහොත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන විශාල සංඛ්‍යාවක් ඔවුන්ට හිමිකර ගත හැකි බව මෙම පක්ෂ වල මතය වී තිබේ.

උපුටා ගැනීම – අද දෙරණ

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...