CID භාරයේ සිටි හිජාස් හිස්බුල්ලා මාස 10ට පසු අධිකරණයට ඉදිරිපත් කරයි

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් බාරයේ තබා සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (18) නියෝග කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රැඳවුම් නියෝග මත සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අද(18) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

හිජාස් හිස්බුල්ලාට හමුවී උපදෙස් ලබා ගැනීම සඳහාා ඔහුගේ නීතිඥවරුන්ටවත් අවසර හිමි නොවුණි. පසුව නීතිඥයන් හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමකින් අනතුරුව පසුගිය දෙසැම්බර් මාසයේ එම අවස්ථාව හිමිවිය.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...