CID භාරයේ සිටි හිජාස් හිස්බුල්ලා මාස 10ට පසු අධිකරණයට ඉදිරිපත් කරයි

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් බාරයේ තබා සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (18) නියෝග කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රැඳවුම් නියෝග මත සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අද(18) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

හිජාස් හිස්බුල්ලාට හමුවී උපදෙස් ලබා ගැනීම සඳහාා ඔහුගේ නීතිඥවරුන්ටවත් අවසර හිමි නොවුණි. පසුව නීතිඥයන් හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමකින් අනතුරුව පසුගිය දෙසැම්බර් මාසයේ එම අවස්ථාව හිමිවිය.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...